(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
2015 වසරේ ජිනීවා හීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට සම අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මංගල සමරවීර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ නලින් සමරකෝන් මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරුවේ.2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව , එක්සත් රාජධානිය ,මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් ඒකාබද්ධව ඉදිරිපත් කළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට රජය වෙනුවෙන් එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.
මෙම යෝජනාව හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම නිර්දේශයන් ඉදිරිපත් විය හැක.
මෙම යෝජනාවේ අඩංගු සමහර කරුණු ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයටද හානිවේ.එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝනය වේ.මෙමඟින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , මෙම යෝජනාව මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2015 ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Sujeewa Thursday, 10 October 2019 06:01 PM
රටට ආදරයක් ඇතිව, අවංක චේතනාවෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් රට විකුණන් කෑ අතීතයේ සිටි පාලකයන්ටත්, මින් ඉදිරියට බලයට පත්වී රට විකුණන් කන දේශද්‍රෝහින්ටත් හොඳ පාඩමක්. අද අප දකින්නේ, රුසියාව පාලනය කරනුයේ "පුටින්" ය. අපේ මාතෘ භුමිය පාලනය කරනුයේ "පිටින්" ය.