(අංජුල මහීක වීරරත්න)
21 වැනි ශතවර්ශයේ අභියෝග වලට මුහුණදීමට 20 වන ශත වර්ශයේ අධ්‍යාපනයට හැකියාවක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවැසීය.
ඒ සඳහා විසිඑක්වන සියවසට ඔබින නවීන අධ්‍යාපනයක් හඳුන්වා දිය යුතුව ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ කුරුණෑගල විශ්වෝදා ජාතික පාසල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
අධ්‍යාපන අමාතයාංශයේ ළඟම පාසැල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන දහසක වියදමකින් නවීන පහසුකම් සහිතව මෙම ජාතික පාසැල ඉදිකර තිබේ.
හය ශ්‍රේණියේ සිට ඉහළට පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ නවීන භාෂා ඇතුලූ විෂය මාළා නවීන තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගී කරගනිමින් ඉගැන්වීම විශේෂත්වයක් වෙයි.
ඩිජිටල් පුවරු උපයෝගී කරගනිමින් සිසු සිසුවියනට ඉගැන්විම් කරන අයුරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුක මැති ඇමතිවරුන්ගේ නිරික්ෂණයට ලක්වූ අවස්ථාව සහ විශ්වෝදා විදුහල ඡායාරූපවල දැක්වේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අභ්‍යන්තර කටයුතු ස්වදෙශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාළන රාජය අමාත්‍ය ජේසි. අලවතුවල, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර, වයඹ පලාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න යන මහත්වරුද එම අවසතාවට සහභාගී වූහ.
ඡායාරූප : ශාන්ත රත්නායක





COMMENTS
විසිවෙනි සියවසට බැරිනම් ගල් යුගයට හරි ගැලපෙන අධ්‍යාපනයක් ඔය දියවන්නාවේ ඉන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති කට්ටියට ලබාදුන්නොත් නරකද මහත්තයෝ?
නිල් ගොයියොත් පෝලිමටම විවෘත කරයි.. කොළ ගොයියොත් හැමදාමත් විවෘත කරයි.. රතු ගොයියොත් පුපුර පුපුර වටේ දුවයි... අනේ ඉතින් ලක්දෙරණට දෙවි පිහිටයි...
ඔය පුවරු හරහාවත් ලංකාවේ සිටින හොඳම ගුරුවරුන්ගේ දේශනා ගම්බද පාසල්වලට ලැබෙනවා නම් කොළඹට කිරි ලැබෙනකොට ගම්බද පාසල්වල අපේ දරුවන්ටත් කිරි ලැබෙනවා. තවදුරටත් කැකිරි කන්න වෙන්නේ නැහැ. ඒ වගේම නිවාඩු දවස්වල කොල්ලෝ කෙල්ලෝ දඩාවතේ යන්නට පුරුදුකරන ටියුෂන් කඩ වැහිලා යාවි. රටපුරාම එකම ප්‍රමිතියකින් ඉහල මට්ටමේ සමාන අධ්‍යාපනයකට පාර ඇරෙනවා. එ් පාර නම් අර දුරබලන චීනක්කණ්ණාඩිය හරි පැත්තට අල්ලලා පාරබලන බව පෙනෙනවා. ඉතාම හොඳ වැඩක්... නමුත් නියමු ව්‍යාපෘතියක් ලෙස සෝදා බෝතලේ කැඩුවා වගේ සද්දේ දාලා නවත්තන්නේ නැතුව රට පුරාම ව්‍යාප්ත කරනවා නම් රටපුරා සෑම පාසලක්ම සුපිරි පාසල් කරන්නට පුළුවනි.
රනිල්ව දකිද්දී මටත් නිදිමත ගතියක් දැනෙනවා. ඒක කියාගන්න බැරි මාර ගැම්මක්.
ලොකුවට ගන්න විවෘත කිරීම් වාගේ වැඩකට නැති මුදල් නාස්තිකරන උත්සව වලට මහජන මුදල් කොච්චර නාස්ති වෙනවාද? හොද දෙයක් කළොත් ඒ ගැන මින්ස්සු ගැන හැමෝම කථා කරාවි. මහජන මුදල් තමාගේ බූදලේ වගේ නාස්තිකාර වැඩ වලට මහජනයා කැමති නෑ. අනික තාමත් ජනතාව අන්දන්න පුලුවන් කියලා හිතන එක මුලාවක්. රටට අවශ්‍ය දේ ඉටු කරලා කඩිනම් සංවර්ධනය මහජන අපේක්ෂාවයි.
ලෝකේ හොදම අද්‍යාපන ක්‍රමය තිබෙන්නේ පින්ලන්තයේ. ළමයින් තරඟ කාරී අධ්‍යපනයට වඩා ප්‍රායෝගික ක්‍රම වලට හුරු කරනවා. අපේ රටට ඕනෙත් ඒ වගේ ක්‍රමයක්. එතොකොට ලගම පාසැල හොදම පාසැල තමා.
මහ බැංකුව කාබාසිනියා කරා වගේ ළමයින්ව උගතුන් කරන එකත් නැත්තටම නැති කරලා දායි වගේ මෙයා.
සිරිමල්, ඔයා එහෙම කිව්වට, ඔය කියනවා වගේ අධ්‍යාපන මට්ටමක් තියෙන අය, පාර්ලිමේන්තුවට පත් කරන්නෙ උගත් ඔයා වගේම අය නේද? ඒකට මෙතුමට බැනලා වෑඩක් නෑ. තමන්ටම බෑන ගන්න.
අධ්‍යාපනයට නව මාවත් එකතු කරන විට ඒකත් දුෂ්ටව දකින පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ,
අතින් වහගෙන ලියන්නේ... අපි කොපිකරයි කියලා හිතලා වෙන්න ඇති.
ඔව්, ඔව් අර ඇමතියෙක් කීවා වගේ ගණිත විෂය වගේ බොහෝදෙනාට අමාරු විෂයන් විෂය ධාරාවෙන් ඉවත් කරමු. ඒ වෙනුවට විරිදු පැල්කවි විෂයන් හැටියට එකතු කරමු.