(බිඟුන් මේනක ගමගේ)
විධායක ජනාධිපති ධුරය නිසියාකාරව පවත්වාගෙන යෑම හෝ එය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑම ගැන මීළඟ මැතිවරණවලදී දේශපාලන පක්ෂ නිශ්චිත තීන්දුවක් ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
එසේ නොකර තර්ක කරමින් විවාද කිරීමෙන් රටේ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වයට විසඳුමක් දිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.
උද්ගතව ඇති තත්ත්වයට 19 වැනි සංශෝධනයට අත් එස වූ සියලු දෙනාම වගකිව යුතු යැයි කී හෙතෙම එදා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ඊට සහාය දැක්වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමේ අරමුණෙන් යැයි ද පැවසීය.
මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අභියෝග කර ඇති නමුත් රටෙහි ඇත්තේ විවාද කරගෙන බේරාගැනීමට හැකි ප්‍රශ්නයක් නොවන බව මන්ත්‍රීවරයා කීය.
එනිසා අර්ථවිරහිත වාද ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම ඇතැම්විට පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් ද්විමණ්ඩලික ව්‍යස්ථාදායක ක්‍රමයකට හෙවත් සෙනෙට් ක්‍රමයකට පරිවර්තනය වීම ද හොඳ විසඳුමක් වීමට ඉඩ ඇතැයි ද කීවේය.
එකී සෙනෙට් සභාව බලයක් සහිත ආයතනයක් වුවහොත් ජනවාර්ගික ප්‍රශ්න විසඳීමට හොඳ වේදිකාවක් වනු ඇතැයි ද නැතහොත හුදු කතා සාප්පුවක් පමණක් වුවහොත් පලක් නොවනු ඇතැයි ද ජයසේකර මහතා සඳහන් කළේය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පාක්ෂිකයාගේත් අනන්‍යතාව සුරැකීමට කටයුතු කිරීම ඇතැමුන් දැඩි මතධාරිත්වයක් හැටියට විවේචනය කරන්නේ යැයි කී හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු හුදෙක් හූ මිටි තබන්නෙකු නොවිය යුතු බව තමා විශ්වාස කරන්නේ යැයි ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයේ ප්‍රමාණාත්මක හැකිලීමක් පෙන්නුම් කළත් ඊට හිමි වටිනාකම විනාශ වී නැතැයි ද පක්ෂය වැළලීමට කිසිවකුඩ ඉඩ නොතබන්නේ යැයි ද මහලේකම් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නීතිය උගත් කෙනෙක්... 18ටත් ඔබ අත එසවූවා. එය නිවැරදිද? 19 වැරදියි කියා දැන් කියනවා. කරන තරමක් කරලා තිබෙන්නේ වැරදි නේද? මාලිංගට කරපු දේත් හරිද?
ඔහෙලා තමයි වැරදි. යහපාලනය කාලා දාන්න හවුල් වුණු ප්‍රධානතම කෙනෙක් තමයි. මහින්දට ඇතිතරම් ඡන්දෙදි උදව් කළේ මෛත්‍රීට හිටන් හුටන් කියමින්. එහෙම කියලා පරාද වුණාම ශේප් එකේ පැත්ත මාරු කරලා ඇමැතිකම ගත්තා. රට වෙනුවෙන්ද? නැහැ.. තමන්ගේ ගොඩ හදාගන්නයි. කොන්දක් නැති, ප්‍රතිපත්තියක් නැති පතෝල කරල් වගේ දේශපාලකයෝ මේ රටට හෙනයක්.. පඬුවස් නුවර මිනිසුන්ටත් කරන අපහාසයක්..
මතක නැතුව ඇති කිව්ව මේකට සපෝට් එකක් දෙන්න පළාත් සභා ඡන්දෙ මාස 3ක් ඇතුළත කියනවා කියලා.. ජනාධිපති බලයට ආවේ විධායක බලතල කප්පාදු කරනවා කියලා ඔය තියෙන ටිකවත් ඉතුරු වුනේ මහින්දලා නිසා. ඒකත් මතක තියා ගත්තොත් හොඳයි.
මොවුන්ම තමයි 18 අත උස්සලා අනේ අපි වැරදි වැඩක් කරේ කිව්වා. 19 ටත් අත උස්සලා දැන් ඒකම කියනවා. කොහොමද ඉතින් මේ වගේ නූගත් මෙලෝ දෙයක් කියවන්නේ නැති අය රටක් කරන්නේ සහ කරේ. මානසික රෝහලට යවන්න තියෙන්නේ...
යකෝ මේක පුදුම වැඩක්නේ? දැන් අපිද මේ හැම අසුචි ගොඩකට අත ඉස්සුවේ.. රිලව් 225ම බබ්බු. කොයි පැත්තෙන්ද කතා කරන්නේ...?
ඔය කතාවත් හරියට වරායේ ගල් තිබෙනවා කිව්වා වගේ කතාවක්...
වැරදි නිවැරදි කිරීමට තවත් ප්‍රමාද නෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හැමෝම එකතු විය යුතුයි. බලය පාර්ලිමේන්තුවට දිය යුතුයි.
අන්තිමට බලපුවම ඉතිහාසය පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන අය රටට කරලා තියෙන්නේම වැරැදි කියලා තමයි අපිට මේවා ඇහෙනවිට සිතෙන්නේ.. හෘද ශාක්ෂියක් නැති සිග්නල් කණුද එතකොට මන්ත්‍රී ලා...18 නිවරදි කරන්නනේ 19 ගෙනෙන්නේ .... ප්‍රශ්නය ජනාධිපති තනතුරටත් එහි බලතලවලටත් වඩා අපේ රටේ දේශපාලනය දැන් ප්‍රතිපත්තියක් නැති විහිලුවක් වීමයි. දයාසිරිලා 18ට යටත්ව මහින්ද මහතාට ඡන්දය දෙනවිට ලක්ෂ 62ක් මිනිස්සු ඡන්දය දුන්නේ පුද්ගල චරිතයකට නෙමෙයි.. ඉදිරිපත් කළ ප්‍රතිපත්ති වලටනේ.. එ්වා ඉටුවීමට සිදු වූ ලොකුම බාධාව ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරි බලය වෙනුවෙන් මිස රට ගැන නොසලකා වැඩකිරීමයි...
ප්‍රතිපත්තියක් නැති ඔබතුමා පුලුවන්නම් පඬුවස්නුවර දිනලා පෙන්නන්න.
දැන් මෙයා මෙහෙම සද්ද දැම්මට, ඊළඟ මහ මැතිවරණයේදී මිනිහ එක්කෝ යූ.එන්.පී. එකට නැත්නං පොහොට්ටුවට පනිනවා. මොකද මිනිහා දන්නවා මෙයා මහ ලේකම් වුණාට, මෙයාට මේ පක්ෂය ගොඩ කරන්නත් බැහැ. මේ පක්ෂයෙන් මෙයාට ගොඩ වෙන්නත් බැහැ කියලා.. අවසානයේ මෛත්‍රී තනි වෙනවාමයි.
කරපු වැරැද්ද මෙයාලා වගේ පිටකොන්දක් නැති, ප්‍රතිපත්තියක් නැති, වාසි පැත්තට හෝයියා කියන මිනිස්සු පාර්ලිමේන්තුවට පත්කරපු එක. අපි කරපු ලොකුම වැරැද්ද තමයි මෛත්‍රීව ජනපති කරන්න ඡන්දෙ දීපු එක. ඒ වැරැද්ද අද අපිම විඳිනවා. පරිසරයට පණ වගේ කතා කරන්නේ. ඒත් වැලි මාෆියා එක කරන්නේ පොළොන්නරුවේ තමන්ගේ ගෙදර අය. රාජපක්ෂලා අත දැම්මේ ලොකුගණන්වල ඒවට... මෙයාගේ ගෙදර මිනිස්සු අතදාන්නේ ලොකු පොඩි භේධයක් නැතිව සියල්ලන්ටම...
දයාසිරි කියන්නේ කිසිම දැක්මක් නැති ප්‍රතිපත්තියක් නැති ඒ වුණාට පොරක් කියලා හිතාගෙන ඉන්න මනුස්සයෙක්... ප්‍රධාන පක්ෂයක ලේකම්කමට තියා මරණාධාර සමිතියකවත් නිලයකට සුදුසු කෙනෙක් නෙවෙයි. ඔහුට ඕනෑ කැපී පෙනීමට සහ පරම්පරා ගානකට හරි හම්බ කරගන්න විතරයි.
එතකොට රාජාණ්ඩුවක් ඇතිකිරීමට හැකිවීමට සකස්කල 18 සංශෝධනයට අත ඉස්සුව අය වැරදි නැද්ද.රාජාණ්ඩුවක් ඇතිවුනානම් ඔබතුමාලත් ප්‍රාදේශීය රජවරුනේද.
එතකොට 19 ට පුරෝගාමී වුණ අය?
19 පමණක් නොව 20ත් අහෝසිකර තනි පුද්ගලයෙකුට ඇති රටේ පාලනය බලය සම්පූර්ණයෙන් මුළු ජනතාව නියෝජනය වන පාර්ලිමේන්තුවට පවරා, ජනතා පරමාධිපත්‍ය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ හිස්මුදුනේ තැබීම පරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයයි. අද රනිල් ඒක 99%ක්ම කරලා.1977දී ජේ.අාර්. මේ ජනපති ක්‍රමය ඇති කලේ බලය ගනිත්දීම අමෘතලිංගම්, රැජින ඇතුළු ලෝක බලවතුන් හරහා1975න් පටන්ගන තිබුණු ඊලාම් යුද්ධය නැවත විවෘත ආර්ථිකය ඇතිකර, සිරිමා රජය රූකඩයක් කර ආහාර ඇතුළු සියලු භාණ්ඩ අහේනිය ඇතිකළ දෙමළ-මුස්ලිම් ඒකාධිකාරයෙන් මිදී රට ගොඩ ගැනීමට බාධාවක් වී තිබුණු ප්‍රබල බලවේග 6ක් මර්දනය කිරීමටයි. එකෙකුට රට කන්න දෙන්න නොවෙයි.1883 දක්වා එමගින් සීඝ්‍ර දියුණුවක් කරද්දී ජේ.ආර්. විරෝධීන් කළුජුලිය ඇතිකර නැවත ඊලාම් යුද්ධය ඇතිකර ජේ.ආර්.ගේ වැඩක් ලෙස ඇතිකළ ජනව්ඥාණය නිසා අදත් බහුතර මතය වී ඇත්තේ එයයි. හර්ෂ අභය ගුණවර්ධන ඇතුළු එජාප පාක්ෂිකයින් 6000ක් ඝාතනය කරද්දීත් බලය අතහරින්න පෙර කළයුතු සියල්ල කර අලිමන්කඩ ඇතුළු මුහුදුතීර සියල්ලෙහිම හමුදා කඳවුරු බැඳ කොටි යාපනයට සීමා කර මහත්තයා ඉන්දියාව එක්ක ප්‍රභාට විරුද්ධව උන් උන් අතර උන්ගේ වියදමින් කරන ද්වන්ධ සටනක්...
වරද ඇත්තේ 19යේ නොව උමතු බල තණ්හාවේය.