අවුරුදු 18 අඩු ළමයින්ට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සම ලබන 31 වැනිදා  සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 

ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල පෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ඉහත තීරණය කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනග ඊෂ්වරන් මහතා කරුණු දක්වමින් වයස 18 අඩු දරුවන්ගේ මාපියන්ගේ හෝ බාරකරුවන්ගේ කැමැත්තක් ලබා ගැනීමෙන් අනතුරුව දරුවන්ට එන්නත් කරණයට ලක් කළ යුතු බවට එසේ නොකළහොත් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවන බව පෙන්වා දුන්නේය.