(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළ එම දැරියගේ මව ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය අද නියෝග කළාය.
සැකාකාරිය සිය පදිංචිය තහවුරු කළ යුතු අතර සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද අධිකරණයෙන් ඇප කොන්දේසි නිකුත් කළේය.
සැකකාරිය තෙමස් ගැබිනියක් වීම සහ පවතින කොරෝනා තත්වය හේතුවෙන් සැකකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නියමයන්ට අනුව සැකකාරිය ට ඇප ප්රදානය කරන බව සඳහන් කරමින් මහේස්ත්රාත්වරිය ඇප ලබා දුන්නාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.