‘‘ක්රිකට් පුහුණුකරුවන්ගේ වැටුප් ප්රචාරය කර රට මුලා කරනවා‘‘
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් හිටපු ශ්රී ලංකා නායක, ශ්රී ලංකාවේ ජාතික ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා අද (12) පැවසීය.