තාප්පයක් කඩා වැටී දස හැවිරිදි සිසුවෙක් රෝහලේ
විජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක්අද (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .