කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද?
අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි.