(කාංචන කුමාර ආරියදාස)
විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු 07 දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
පිරිමි දරුවන් පස්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු මෙසේ රෝහල්ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරියේ එම්. එස්.කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.
ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලව් මේ රටම විනාශ කරනවා. අධි ගහනයක් බවට පත්ව ඇති සත්තු විනාශ කරන්න. රටේ ආහාර හිගය සහ දුප්පත්කම වැඩිවීමට මේ වන සතුන් එක් මූලික හේතුවක්.
රතුපාට රසායනිකය... ලෙඩ් ටෙට්‍රොක්සයිඩ්... මම පාසල් යන කාලයේ අපේ ලැබ් එකෙත් තිබුණා...
ලංකාවෙ මා ඇතුලු 69 ලක්ෂයක්වූ ඡන්දදායකයින් මතක්වුනා මොකද අපි/ ඔවුන් කරන්නෙත් මේ දරුවො වගේ සෙවිල්ලක් බැවිල්ලක් නොකර තීරණ ගැනීම නිසා රටේ විනාශය ඇතිවුනා
බිම වැටීලා තියෙන කුඩක් තොළගාලා බලන්න තරම් මෝඩද මේ ළමයින් . රිලව් බේරිලා ළමයින් ලෙඩ වෙලා.
විද්‍යාගාරයකට යන්න කලින් ආරක්ෂාව ගැන ලෙක්චර් එකක් දීලා නෙමෙයිද යවන්නේ දරුවන්ව? අපි ගිය දවස්වල නම් එහෙම කියලා දීලා තමා දොරෙන් ඇතුළට එන්න දුන්නේ... ලැබ් එකක් ඇතුලේ තියන කිසිම රසායන ද්‍රව්‍යයක් දිවට තියා අත්ආවරණ නැතුව අතින්වත් අල්ලන්න එපා කියලා තමයි අපිට කියා දුන්නේ. අනික ගුරුවරයෙක් නැතිව අපිට ලැබ්වලට යන්න කිසිම අවස්ථාවක අවසරයක් නැහැ...