(ඩයනා උදයංගනී)
මෙරට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දී අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.
පියවරෙන් පියවර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත්, විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට රෝහලේ ස්ථාපිත කෙරුණු දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
දරුවන්ට පොත පතේ දැනුම පමණක් නොව ගුරුවරුන් ලබාදෙන ජීවිත දැනුම ද වැදගත් බැවින් පාසල් සැමදා වසා තැබිය නොහැකි බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන විසඳුම එන්නත් වෙළඳාම පමණි. ජයවේවා...!!!
මේ කියන්නේ 12 ත් 18 ත් අතර අයට විදිනවා කියලයි.එතකොට සමාජයට වඩාත් සම්බන්ධවන විශ්ව විද්‍යාල සිසුන් සහ රැකියාවල යෙදෙන අයවලුන් වන 18 ත් 30 ත් අතර අය ගැන මොනවද කරන්නෙ
මේ හාදයා රට ලෝකෙටම ණය කරල , දරුවොත් ණය කාරයො කරල . දැන් දරුවන්ට ඉන්ජෙක්සන් ගහන්න හදනව.
මේ රට නැත්තටම නැතිකළ මේ වගේ අය ගැන මොනවත් කරලා මේ රටට යහපතක් කරන්න බැරිද?