
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොච්චිකඩේ කම්මල්තොටඔය ලැඟුම්හළ තුළ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා වටලා තරුණ තරුණියන් 30 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කොච්චිකඩේ පොලිසිය සිදු කළ මෙම වැටලීමේදී දුම්වැටි, ගංජා සහ විවිධ මත්ද්‍රව්‍ය පොලිස් බාරයට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් මාධ්‍ය ජාලය තහනම් කරන්න.. මිනිස්සු මොට්ට කරන කාලයක්....
නීති විරෝධී මත්ද්‍රව්‍ය තිබ්බා නම් අත්අඩංගුවට ගත්තාට කමක් නැහැ. එහෙම නැතිනම් මට මේ පොලිසිය කරන විකාරේ තේරෙන්නේ නැහැ. මිනිස්සු ටිකකට එකතු වෙලා කන බොන එක වැරැදි වෙන්නේ කොහොමද?
ෆේස්බුක් සාද යනුවෙන් දෙයක් නැති බව පළමුව වටහා ගත යුතුයි. එය හුදෙක්ම එකිනෙකා හා සම්බන්ධ වන සමාජ ජාලයක් පමණයි. නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට අදාල අංශ පියවර ගැනීම ඔවුන්ගේ යුතුකමකි.