(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලීසිය පවසයි.
මොවුන් ළඟ තිබී අයිස්, ඈෂ්, ගංජා සහ විදේශීය දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගත්බව පොලිසිය සඳහන් කරයි.
අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹට තදාසන්න ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 20-30 අතර වියේ පසුවන්නෝ වෙති.
මුහුණු පොතෙන් හඳුනා වසර 2ක් පිරීම නිමිත්තෙන් මෙම සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා රුපියල් 1000ක ඇතුළුවීමේ ගාස්තුවක්ද ගෙවා ඇති බව පොලීසිය කියයි.
මෙසේ පැමිණි පිරිස ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවකට ඊයේ (08) රාත්‍රී පැමිණ මීට සහභාගිවී ඇති අතර, අධික ඝෝෂාකාරී බව හේතුවෙන් මීගොඩ පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් ලවා තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පසුව පැමිණි පිරිසගේ ලේඛන පරීක්ෂා කිරීමේදී 75 දෙනෙකු සහභාගි වූ බවද අනාවරණය විය.
මොවුන් අද (09) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මේක ඉතාම වැරදි වැඩක්. මීට වඩා දහස් ගුණයක් වැරදි වෙද්දී නිහඬව ඉන්න පොලිසිය මොනවද මේ කරන්නේ?
මෙච්චර ප්‍රසිද්ධියක් දී වැටලීම් කරද්දීත් මේ වගේ සාද මෙහෙ පවත්වන්න පුළුවන් වෙන්නේ දේවල් දෙකක් හින්දා වෙන්න ඕනේ.1. මේවා සංවිධානය කරන්නේ මහා බලගතු දේශපාලනය පිටුපසින් තබාගෙන. 2. මේවට සහභාගි වෙන අය රටේ සිදුවෙන මොනම දෙයක් වත් දන්නේ නැති වැටලීම් ගැනවත් නොදන්නා මතට පමණක් යටත් මුග්ධයින් රැලක්. මට නම් හිතෙන්නේ සහභාගි වෙන මොවුන් මතෙන් විකල් වූවන් පමණයි. කණගාටුදායක වුණත් මොවුන් සමාජයෙන් තුරන් කළ යුතුයි.
ෆේස්බුක් එක මේකට අදාල නෑනේ. සංවිධානය කරපු මිනිස්සු තමයි අල්ලගන්න ඕනෑ. වෙලාවට ෆේස්බුක් හදපු මනුස්සයා අපේ රටේ නැත්තේ. නැත්තම් මිනිහවත් අපේ පොලිසියේන් අල්ලන් යනවා ශුවර්...
උසාවියෙන් දඬුවම් නියම වූ මිනීමරුවන් නිදහස් කරන අතර ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට.... මෙවන් ගොන් රටක අන්තර්ජාතික අධිකරණයක අවශතාවය දැනේ.