(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාව  මිළදී ගත්,  " ෆයිසර් " එන්නත් 60,000 ක තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත  රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නෙදර්ලන්තයේ , ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය , කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , මෙම එන්නත් තොගය මේ වනවිට , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .