IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ෆිනෑන්ස් නොගෙවූ ලොරිය ගෙනයන්න ආවම ගහලා මරලා

(+++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ට්‍රික්සි කොන්ස්ටන්)

මාසික වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කුඩා ලොරි රථයක් ආපසු රැගෙන යාමට පැමිණි එම ලීසිං සමාගමේ පස් දෙනෙකුට නිවසේ සිටි පිරිසක් පහර දීමෙන් එක් අයෙකු මියගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලීසිය කියයි.

මාරවිල හල්පන්විල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිනි ලීසිං සමාගමේ පිරිස හා නිවැසියන් අතර සිදුවූ බහින් බන්වීමකින් පසුව මෙම පහරීම සිදුව ඇතැයි කියති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ලොරි රථයේ අයිතිකාර පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලීසියේ නිලධාරියෙක් ලංකාදිපයට පැවසීය.

මියගොස් ඇත්තේ වෙන්නප්පුව, සිරිගම්පල පදිංවිව සිටි හපන් පේඩිගේ සුදත් ප්‍රසන්න (45) නැමති විවාහකයෙකි.

මොහු ලීසිං සමාගමක වාරික නොගෙවන වාහන අත්පත් කරදෙන කණ්ඩායමක සේවකයෙක් බව ද පොලීසිය කියයි.

මාරවිල පොලිස් වසමට අයත් හාල්පන්විල ප්‍රදේශයේ අයෙකු විසින් ගෙවීමේ ක්‍රමයට ලබාගත් (ලීසිං) කුඩා ලොරි රථයක මාසික වාරික ගෙවීම් පැහැර හැරීමට කියමින් හලාවත ප්‍රදේශයේ ලීසිං සමාගමක වාහන සීසර්වරුන් පස්දෙනෙකු ඊයේ (05) උදේ 10.00 ට පමණ එම ලොරි රථය රැගෙන යාමට වෑන් රථයකින් පැමිණ ඇතැයි පොලීසිය කියයි.

මේ අවස්ථාවේ ලොරි රථය රැගෙන යාමට පැමිණි සීසර්වරුන් සහ එහි අයිතිකරු අතර බහින්බස්වීමක් සිදුවී එය පහරදීමක් දක්වා දුරදි ගොස් ඇති බවට තොරතුරු පොලීසියට ලැබී ඇති බව කියති.

ලොරි රථය රැගෙන යාමට සහ සීසර්වරුන් එහි අයිතිකරුට ද පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව ද පොලීසිය පවසයි.

මේ අතර ලොරි රථය රැගෙන යාමට ආ අය පැමිණි වෑන් රථයේ රෝදයක හුළං ඇර තිබීම නිසා පහරකෑමට ලක්වූ අය ලොරි රථයේ දමාගෙන සෙසු සිව්දෙනා ඔහු මාරවිල රෝහලට බාරදී පලාගොස් ඇති බව ද එම පොලිස් නිලධාරීවරයා කීය.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සුදත් නැමැත්තා එහි ගොස් ඇති අතර මේ බව රෝහල් බලධාරීන් මාරවිල පොලීසියට දැනුම් දී ඇත.

මෙම පහරදීමට අදාළව ලොරි රථයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබූවේ පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගිය තොරතුරු මතය.

මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (5) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

නාත්තක්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධමිමික විජේසිංහ, විවිධ පැමිණිලි අංහයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සිරිවර්ධන, උප පොලිස් පරීක්ෂක පී.ඒ.එන් කුමාරසිරි, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයින් (32799) ග්‍රේටන්, සැරයන් (138) සරත්චන්ද්‍ර ඇතුළු නිලධාරීහු මෙම ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

 

 



අදහස් (20)

ෆිනෑන්ස් නොගෙවූ ලොරිය ගෙනයන්න ආවම ගහලා මරලා

mahinda Friday, 06 March 2020 06:35 AM

සීසර්වරුන්ට අපල කාලයක් පැමිණ ඇත.

:       0       40

sam Friday, 06 March 2020 06:55 AM

මේක ලංකාවේ වාහන බලෙන් අරන් යන "සීසර්ලා" ට හොඳ පාඩමක්. ෆිනෑන්ස් වාරික නොගෙවීම වරදක් වුණාට ඒකට සිවිල් නීතිය යටතේ උසාවි ක්‍රියාමාර්ග ගන්නවා මිසක් නීතිය තමන්ගේ අතට ගෙන වාහන පැහැරගෙන යාම අපරාධමය වරදක්. මේ සඳහා යනවිට පොලිසියේ ඇන්ට්‍රියක් ලිවීම (බාර ගැනීම) පොලිසිය පැත්තෙන් සිදුකරන වරදක්. පොලිස් නීතියට අනුව මේ ඇන්ට්‍රිය බාර නොගත යුතු නමුත්, දැන හැඳුනුම්කමට, පගාවට ඔවුන් එය පොලිස් පොතේ ලියනවා. නමුත් නීතිය අනුව ඒ ඇන්ට්‍රියේ කිසිම වටිනාකමක් නැහැ. එය පොලිස් පොතේ ලියන නිලධාරියාත් කරන්නේ වරදක්. මේ මිනීමැරුම් නඩුව කවදා හරි විභාග වෙනදාට මේ මැරුණු මිනිහා වාහනයක් මංකොල්ල කෑමට තැත්කිරීමේදී මරණයට පත් වුණා කියලා නීතිඥ සහාය නැතිවම වුණත් ඔප්පු කරන්න පුළුවන්...

:       2       762

මුණසිංහ Friday, 06 March 2020 07:02 AM

ෆිනැන්ස් නොගෙවූ විට වාහන උස්සගෙන යන්න කොහෙවත් බලයක් නෑ. එය මැර ක්‍රියාවක් ලෙසයි පේන්නේ. වාරික ගෙවලා නැත්නම් නඩු දාලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත හැකිව තිබියදී චණ්ඩිකම් පෙන්නන්න යනකොට මෙහෙම වෙනවා...

:       1       283

de silva Friday, 06 March 2020 07:26 AM

ලීසිං සමාගම් පුද්ගලයාගේ ආදායම් තත්වය සොයන්න බලන්නේ නැතිව..., ඉල්ලන ඕනෑම කෙනෙකුට ගිනි පොලියට ණයට වාහන දෙනවා.. ඊට පස්සේ චණ්ඩි දම්මලා වාහන මංකොල්ල කනවා. සීසර්ලාට එහෙම ඕනේ ඕනේ විදිහට ගෙවල්වලට ගිහින් මිනිස්සුන්ට පහරදීලා වාහන මංකොල්ල කන්න බැහැ. රටේ නීතියක් තිබෙනවා. ලිසීං වාරික නොගෙව්වා නම් අධිකරණ ක්‍රියාවලියකට යන්න පුළුවන්...

:       0       273

Dammi Friday, 06 March 2020 08:38 AM

හොඳම වැඩේ...

:       1       118

chandimaSaturday, 07 March 2020 08:25 PM

මේ චන්ඩි අර ඒ කාලේ කොටින්ට ගහන දවස්වල වැසිකිළිවල හැංගිලා ඉන්න ඇති මගේ හිතේ.

:       0       0

yakaMonday, 09 March 2020 03:31 AM

මල්ලි ඒ මිනිහාත් රස්සාවක් කරලා කීයක්හරි හම්බ කරලා දරුවන්ට කන්න දෙන්න ගිය තාත්තා කෙනෙක් වෙන්න බැරිද?

:       0       0

Lakmal Friday, 06 March 2020 09:06 AM

ලිසිං සමාගම් ඔක්කොම වහලා දාන්න ඕන.

:       4       63

ධම්ම Friday, 06 March 2020 09:07 AM

සීසර්ලාගේ හැසිරීම් රටාවට මෙවැනි සිදුවීම් බලාපොරොත්තු වියයුතුය. ඔවුන්ගේ හැසිරීම් එතරම් අමානුෂිකයි.

:       0       125

senaka Friday, 06 March 2020 10:22 AM

මේ ලිපියට අනුව "සීසර්වරුන් එහි අයිතිකරුටද පහරදීමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇත". තමන්ට පහර දෙන්නට ආ කෙනෙකුට ප්‍රතිප්‍රහාර දීමේ වරද කුමක්ද? අනික, මේ අයට කව්ද "සීසර්වරු" කියලා කියන්නේ. මේ අය නිකම් මැරයින් විතරයි.

:       1       140

[email protected] Friday, 06 March 2020 10:40 AM

ජයවේවා... ගහන්න ඕනේ ඔය අයට ෆිනෑන්ස් සමාගම් පිළිවෙලකට නීතිය ක්‍රියා කරනතුරු...

:       0       50

Rtk Friday, 06 March 2020 10:51 AM

සියලුම සීසර්වරුන්ගේ දැනගැනීම පිණිසයි.. මිනිසුන් සූදානම්...

:       0       27

බද්රානි Friday, 06 March 2020 11:06 AM

ඉතිරි සීසර්ලා හතර දෙනාගේත් අඬුකඩා දැම්මා නම් තමයි වඩා හොඳ... ලීසිං වාරික නොගෙව්වා නම් එයට නීතිමය පියවර නොගෙන මැරයින් ලවා වාහන පහර ගැනීම මිලේච්ජයින් ජීවත් වෙන රටක සිදුවෙන සාහසික ක්‍රියාවක්... වාහන හිමියාට සාධාරණයක් ඉටුවිය යුතුයි.

:       0       0

amila Friday, 06 March 2020 11:09 AM

සීසර්ලා කියලා රැකියාවක් නැහැ.. එහෙම රැගෙනයාම නීති විරෝධියි. සීසර්ලා මැරුණත් කවුරුවත් වගකීම බාරගන්නේ නැත.. සීසර්ලා මැරුණත් ෆ්නෑන්ස් සමගම වගකියන්නේද නැත.

:       0       26

de silva Friday, 06 March 2020 08:47 PM

ලිසිං සමාගම් ණය මුදල් දෙනකොට සකස් කරන ගිවිසුම් ඔක්කොම තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ දෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ලිසින් සමාගම් වල සේවය කරන සේවකයන් ඉංග්‍රීසි දන්නා කෙනෙකුට වුණත් කියවන්න වෙලාවක් දෙන්නේ නැහැ. අනවශ්‍ය කලබලයක් බොරුවට ඇතිකරලා අතන අත්සන් කරන්න මෙතන අත්සන් කරන්න කියමින් අත්සන් ගන්නවා. පසුව ගිණුමට පොලියට අමතරව විවිධාකාර ගාස්තු එකතු වෙනවා. අන්තිමට වාරිකයක් ප්‍රමාද වුණොත් ගනුදෙනු කාරයින් වැලේ වැල් නැතිවෙන විදිහට වැල් පොලී හැදිලා... ගෙවා ගන්න බැරිවුණු ගමන් මැරයින් දමලා වාහනය උස්සනවා. ඊට පස්සේ වෙන්දේසි කරලා දමනවා.

:       0       0

de silva Saturday, 07 March 2020 12:51 PM

සීසර්ලාගෙන් 99%ක්ම පාතාලේ මැරයන් හෝ හමුදාවෙන් පැනගිය පුද්ගලයින්..

:       0       0

ananda Saturday, 07 March 2020 04:00 PM

රජය මැදිහත්ව මේ පාහර වැඩේ නවත්වන්න ඕනේ. මෙහෙම එන අය මෙහෙම මැරෙන එක වලක්වන්න පුලුවන් හොඳම ක්‍රමය ඒක වාහනය පැහැරගන්න එන කෙනාගේ පැමිණිල්ල නෙවෙයි පොලිසිය ලියාගන්න ඕනේ පැහැරගත්ත වාහනේ අයිතිකරුගේ පැමිණිල්ලයි. අනික අර මැරුන කෙනා ඉස්පිරිතාලෙට බාරදීල පැනපු අය අල්ලන්නෙ නැද්ද?

:       0       0

Bamunuarachchi Sunday, 08 March 2020 02:06 PM

බලෙන් ගෙනයාමට කාටවත් නීතියෙන් බලයක් නැත. සීසර්ලා පාඩමක් ඉගෙන ගත යුතුය.

:       0       0

Rohana Monday, 09 March 2020 04:14 AM

ලීසිං හෝ ෆිනෑන්ස් නොකර අතේ සල්ලිවලට වාහන ගත්තා නම් ඔය මොකුත් කරදර නැහැ නේද?

:       0       0

NuwanMonday, 09 March 2020 07:23 AM

එහෙම ගන්න පුළුවන් එකම වාහනේ මේ තියන විදියට නම් විල් බැරෝව පමණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 432 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 499 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1381 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 192 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 252 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 202 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 39 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site