
ශ‍්‍රී ලංකාව තුළ වර්තමානයේ උත්සන්න වී ඇති ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනයට තිත පදනම’ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි යන තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවිධනය කරන සංවාදාත්මක වැඩසටහන මේ මස 31 වැනිදා පස්වරු 7.00 සිට ෆේස්බුක් ඔස්සේ පැවැත්වේ.
මහජන නියෝජිතයන් සහභාගි වන මෙම වැඩසටහන www.facebook.com/stopchildcruelty ඔස්සේ ක‍්‍රියාත්මක කරයි.
මෙම සාකච්ඡාවට ක‍්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානක්කියන් රාසමානික්කම් යන මහත්ම මහත්මීහූ සහභාගි වෙති.
සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු, www.stopchildcruelty.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, ඒ පිළිබඳ විමසීම් [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.
1991 ජූලි 12 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුමත කිරීමෙන් හරියටම වසර තිහකට පසු, එනම් 2021 ජූලි 12 වන දින රට දෙදරුම් කමින් තිබෙන ළමා අපයෝජන භයානක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට බලධාරීන් දැනුවත් කිරීමේ සහබල කිරීමේ අරමුණින් ‘ළමා හිංසනයට තිත’ පදනම විසින් වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි.
COMMENTS
හොඳයි, හොඳයි. ඒක නොවේ... අර ඔන්ලයින් එකෙන් විකුණුන අවුරුදු 15 ගෑණු දරුවගේ කේස් එකට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක පස් වලට යටවුණා වත්ද? මට නම් හිතෙන්නේ එහෙමයි...
මේවා මේ අලුත් දේවල් නොවෙයි. මම හිටපු විදුහල්පතිවරයෙක්. අද මගේ රස්සාව නැති කරලා තියෙන්නේ. මේවා ගැන පත්තර වලට ලියපු නිසා. මෙම මේ අපරාධ ගැන මෙයට වසර 12 කට පෙර ඉතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. පාසල් යා යුතු දරුවන් ඇයි මහ මග රැඳුනේ කියලා ලස්සන ලිපියක් මම ජාතික පුවත්පතකට ඉදිරිපත් කළා. ඒ වෙනකොට පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පාසල් නොයන වග මම සඳහන් කළා. බොහොම ලස්සන ලිපියක්. මේවා ඒ කාලේ කවුරුවත් ගණන් ගත්තේ නැහැ. සමහර ළමයි අධ්‍යාපන නිලධාරීන් විසින්ම විනාශ කළ බව මම සාක්ෂි සහිතව ඔප්පු කළා. මම ඒකට අදත් ලැහැස්තියි. මට කථාකළොත් වග කිවයුත්තෙක් හැටියට මම අදටත් ඉදිරිපත් වෙන්න සූදානම්. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දෙදෙනා ඇවිත් මගේ පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් හතර දෙනෙකුගේ පාසල් ගමන සහමුලින්ම නතර කළා. ඒ සිදුවීම ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කරන්න අදටත් මම සූදානම්. මේ බොරු වැඩ වැඩක් නැහැ. මන්ත්‍රීවරු දන්නේ නැහැ ළමයි ගැන. අපි වගේ අය කැඳවන්න. මම සූදානම් ඉදිරිපත් වෙන්න. දැන්වත් දරුවන් ගැන සිතා බොරු වැඩ නතර කරන්න.
සංවාද කරකර ඉඳලා වැඩක් නෑ. කරන අයව අල්ලලා ලොකු දඬුවම් දෙන්න..
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසරකට පාසල් පැමිණෙන ළමුන් අඩුම තරමින් 3000 ක් අධ්‍යාපනය තුල අතරමං කරනවා.10 ශේණිය දක්වා පාසල් පැමිණි සිසුසිසුවියන් 3000 කට පමණ 11 වසර රජයේ විභාගයට ලියන්න වැඩි වෙන විදියට කටයුතු කරනවා.මේ අපරාධය නිසා ඒ දරැවන් සියල්ලගේම අනාගතය විනාශ වෙනවා. මම ලැහැස්තියි මේක සනාථ කරන්න.මේ අය තමයි අවසානයේදි දරැණු අපරාධ කරුවන් වෙන්නෙ.මම විදුහල්පතිවෙරයක්. මම මේ පිළිබද සවිස්තරාත්මකව කරැණු ඉදිරිපත් කරන්න සූදානම්.මේව සිදුකලේ දකුණු පළාත් සභාවේ හිටපු දේශපාලකයින්ගේ අවහ්‍යතාවයට. අද ඒ දේශපාලක යො ලංකාවෙත් නැහැ. උන් පදිංචි වෙලා ඉන්නෙ ඇමරිකාවෙ. මම ලැහැස්තියි මේ අපරාධය රටට හෙළිදරව් කරන්න. මෙන්ම මගේ දුරකථන අංකය 071-8282669 මේ ගැන මම අති විශාල ළිපි සංඛ්‍යාවක් ඉදිරිපත් කරල තියෙනව.මේ අපරාධයන් දවසක දෙකක ප්‍රතිපල නොවෙයි.මේව ඉතා ගැඹුරින් සාකච්ඡා කල යුතුයි. මන්ත්‍රීවරු මේව දන්නෙ නැහැ. මන්ත්‍රීවරුනුත් මේවට වග කියන්න ඕනෑ.