
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සමාජවාදී තරුණ සංගමය සහ අයිතිය උදෙසා කාන්තාවෝ යන සංගම් විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයක් ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද (22) සවස පැවැත්විණ.
ළමා වහල් ශ්‍රමයට එරෙහි වෙමු ! හිෂාලිනීගේ ඝාතනයේ වගකිවයුත්තන්ට වහා දඬුවම් ලබාදෙනු ! යන ඉල්ලම් මුල්කරගනිමින් ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.
සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් , විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ,කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතා උද්ගෝෂණය සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිට පිළිස්සීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමන් පසුව ඉකුත්දා මියගිය හිෂාලිනී නැමැති බාල වයස්කාර දියණියගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙසය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා දැන් නේද මේ නගාලා, මලයාලා ටික නැගිටලා තියෙන්නේ.. එ්ත් අර වෙනදාට අනේකවිධ මෝස්‌තර ඇඳුම් ඇඳගෙන අව් කණ්නාඩි පැළඳගෙන කෑමොර දෙන "NGO ටකරන් මඩු හැත්තගේ ආච්චිලා" ටික නම් පේන්න නැහැ...
සතපහක වැඩක් නැති සුදු අලියෙක්...!