IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ළමා අපරාධ නඩු විභාගයට නව මහාධිකරණ 9 ක්

 

(බන්ධුල ඉලේපෙරුම)

ළමා අපරාධ නඩු විභාග කිරිම සඳහා නව මහාධිකරණ 09 පිහිටුවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේ පළාත් 09 කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම නව ළමා මහෙස්ත්‍රාත් අධිකරණ 07 ක් පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බවත්, වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මැදිරි 09 ක්ද අලුතින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීවේය.

ළමා අපයෝජන පිළිබඳ නඩු කටයුතු නියාමනයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රමවේදයක් සකසා ඇති බවත්, ඊට අදාළව එම අධිකාරිය ජාතික දත්ත පද්ධතියක්  ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ළමයින් උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩපිළිවෙල කුමක්ද යන්න  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රශ්න කළ අතර ලබන මාර්තු මස අවසන් වීමට පෙර ළමා හිතකාමි පොලිස් විමර්ශන මාර්ගෝපදේශ පද්ධතියක් සකසා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

වීඩීයෝ සාක්ෂි පටිගත කිරීම මඟින් ද්විතික වින්දිතභාවයෙන් ළමයා ආරක්ෂා කරගත හැකිබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටතුළ දැනට පවතින ළමා ආරක්ෂක නීතියේ අඩුපාඩු රැසක් පවතින බවත්, එම විෂමතා හඳුනා ගෙන නව පනතක් ගෙනඒමට ඉදිරියේදී කටයුතු කරන බවද ජී.එල්.පීරිස් මහතා එහිදී සඳහන් කළේය.

 



අදහස් (1)

ළමා අපරාධ නඩු විභාගයට නව මහාධිකරණ 9 ක්

Ruhunu Tuesday, 05 January 2021 06:47 PM

හරියට නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ගමක්, ගමක් ගානේ උසාවි දැම්මත් ඵලක් නැත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site