
(හේමලතා ඞී හේවගේ)
ලීහිරියාගම - විල්ලයාගම කහටගහවත්ත ප‍්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳක් හිස් කරමින් සිටි පුද්ගලයකු ළිඳතුළ වූ අපද්‍රව්‍ය ඉවත්කිරීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටීමෙන් පසු ඔහු බේරාගැනීමට පැමිණි අසල්වැසි අයකුද ළිඳතුල වූ විස වායුවක් අඝ්‍රාහණය වීමෙන් දෙදෙනාම මියගොස් ඇති බව කඳානේගෙදර පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එන් පී ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නම් 29 හැවිරිදි එක් දරු පියකු සහ ඔහුගේ නිවස අසල පදිංචි 38 හැවිරිදි කේ එම් ලසන්ත කුමාර නැමති තිදරු පියකු බවද පොලීසිය පවසයි.
මිය ගිය එන් පී ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නැමති අය ගෙවත්තේ වූ ළිඳ කඹයක් හා බාල්දියක් ආධාරයෙන් ගොඩ සිට ඉසිමින් සිට ඇති බවත් ළිඳ තුලවු අපද්‍රව්‍ය ගොඩට ගැනීම සඳහා ළින් බැම්මට නැග ඇති අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටුණු පසු ක්ලන්ත ගතියක් ඇතිවෙන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.
පියා ළිඳට වැටෙනවාත් සමග 8 හැවිරිදි පුතා කෑගසා ඇති අතර ඔහු බේරාගැනීමට ළිඳට බැස්ස ලසන්ත කුමාර ද බේරාගන්නා ලෙස කෑගසා ඇත.
ළිද තුළින් දුර්ගන්ධයක් වහනය වීම නිසා අසල්වැසියන් මහත් පරිශ‍්‍රමයක් යොදා කඹ සහ කම්භි ආධාරයෙන් ළිදේ වැටී සිටි දෙදෙනා ගොඩට ගෙන දංකොටුව දිසා රෝහල ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මියගිය ලසන්ත කුමාර

මියගිය ධනුෂ්ක ප්‍රදීප්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd