
(විනීතා එම් ගමගේ)
මෙවර මහ මැතිවරණයේ දී තමන් වෙත ලැබෙන සියලුම මනාප වෙනුවෙන් එක් මනාපයකට එක් පැළයක් බැගින් සිටුවීමට පිවිතුරු හෙළ උරුමය නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පරිසරවේදීන් ඉදිරියේ අද (28) පොරොන්දු වූයේය.
ගම්මන්පිල මහතා මේ පොරොන්දුව දුන්නේ බත්තරමුල්ලේ දියසරු උයනේ අද (28) පැවති “හරිත හෙටක් මනාපයට පැළයක් ” ප්‍රතිඥාව පරිසරවේදීන් ඉදිරියේ ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.
මේ දිනවල කෝටි ගණනින් පරිසරයට එක්වන පෝස්ටර් නිසා බරපතල අන්දමින් විෂ රසායනික පරිසරයට එකතුවෙතැයි ඔහු එහි දී ප්‍රකාශ කළේය.
පෝස්ටරයක ආයු කාලය පැය කිහිපයක් වෙතත් ඒ සඳහා භාවිතා කරන බාල වර්ගයේ තීන්ත අධික ප්‍රමාණයක් පෝස්ටර් සමග පොළවට එක් වෙතැයි පෙන්වා දුන් ගම්මන්පිල මහතා පෝස්ටර් සඳහා කඩදාසිවලට ගස් කැපීමත් රතිඤ්ඤා නිසා පරිසර හානියත් ඇතුළු පරිසර විනාශයන් බලද්දී මේ දිනවල පරිසරයේ මාරයා බවට පත්ව ඇත්තේ මැතිවරණය යැයි ද කීය.
හිටපු පරිසර ඇමැතිවරුන් මෙන්ම පරිසර අධිකාරිය ඇතුළු ආයතන ප්‍රධානීන් ද මැතිවරණ සටනට බැසීමෙන් පසු පරිසර හිතකාමි ක්‍රියාකාරකම් අමතක කරන බව කී ඔහු රථ පෙළපාළි නිසා සිදුවන ඉන්ධන දහනය පෝස්ටර් පත්‍රිකා මුද්‍රණයේ දී පරිසරයට එක්වන කාබන් ප්‍රමාණය ගස් කැපීම ඇතුළු විනාශයන් ගැන මොහොතක් හෝ නොසිතන්නේ යැයි ද කීය.
පාර්ලිමේන්තු මැතිවරණය තුළ ද පරිසර විනාශය යන්තමින් සමනය කර ගැනීමට අපට ඇති හොඳම විසඳුම වන්නේ ගස් වගාකිරීම පමණකැයි ද මහ මැතිවරණයේ දී තමන් වෙත ලැබෙන මනාප සියල්ලටම එකකට එක පැළයක් බැගින් සිටුවීමට පියවර ගන්නේ ඒ නිසා යැයි ද හෙතෙම කියා සිටියේය.
පරිසර ක්‍රියාකාරම් වෙනුවෙන් දායකත්වය දෙන ප්‍රධාන පෙළේ ක්‍රියාකාරින් පිරිසක් වන පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද, හිටපු රේගු අධ්‍යක්ෂවරයකු වන සමන්ත ගුණසේකර, මහාචර්ය සරත් කොටගම සහ මහාචාර්ය හේමන්ති රණසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
සභාවේ සිනා. රුපියල් සියය මතක් වෙලා
එතකොට පරිසරයත් මනාපෙට වික්කා.
අනේ ඔය පැල අටක් දහයක් කොහෙහරි පාරක අයිනේ හිටවන්න පුළුවන්නේ.
ජනාධිපතිවරණයේදී පැල සිටෙව්වා.
තණකොළ ගසුත් හිටවමුද ඔබට ඡන්දේ දෙන අයට කන්න දෙන්න.
ඔය තැන් තැන්වල පැල හත අටක් හිටවලා වැඩක් තියෙනවද.?
තණකොළ පැළද.?
අයියෝ එහෙනම් ඉතින් එක පැලයක්වත් හිටවන්න වෙන්නේ නැහැ.
ලැබෙන මනාප ගාන දැන්ම දන්නවා වාගේ...
මෙහෙමත් සෝබන වැඩ.
එකම එක පැලයක් හිටවන්න පුලුවන් වේවි! මොකද හාමිනේගේ ඡන්දෙත් වෙන කෙනෙකුට නිසා!