IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හිස් ඉඩමක තිබූ සැකකටයුතු පෝර බෑගයකින් අවි ඇතුළු උණ්ඩ රැසක්

(හේමලතා ඩී හේවගේ)


මීගමුව පොලිස් වසමේ තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේ පාවුලු පාප් මාවතේ හිස් ඉඩමක් කම්කරුවෙකු විසින් පිරිසිදු කරනා අවස්ථාවේදි සැක කටයුතු පෝර උරයක් දැක ඒ සම්බන්ධව අද (27) නීතීය බලගැන්වීමේ ඒකකයේ පොලිස් නිලධාරින් දැනුවත් කර ඇත.

මීගමුව පොලිස් කොට්ඨාසයේ නීතීය බලගැන්වීමේ ඒකකයට ලැබුන එම තොරතුර මත  ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින්ට සැකකටයුතු පෝර උරයේ තිබි ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා MB5 මිනිපිෂ් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 130 ක්, මැගසින් 2 ක්, ටී 56 පතුරම් 30ක් සොයාගැනිමට හැකි වූ බව මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

මෙම වැටලීම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් මත නීතීය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන මහතා ඇතුළු පොලිස් සැරයන් (49034) ජේ.එම්.එස්.ජයකොඩි, පොලිස් කොස්තාපල්වරුන් වන (81119) කෝණාර, (84546) නිමේෂ් , (85216) ජයසිංහ, (5875) විජේනායක ,(53168) විජේසුන්දර යන නිලධාරින් එක්ව සිදුකර ඇත.



අදහස් (2)

හිස් ඉඩමක තිබූ සැකකටයුතු පෝර බෑගයකින් අවි ඇතුළු උණ්ඩ රැසක්

prabha Saturday, 27 April 2019 10:06 AM

මේ දවස්වල සෝදිසි කිරීම් වලට බයේ පාතාලේ මල්ලිලා විසිකරපුවා වෙන්නත් පුළුවන්..

:       4       56

Bamunuarachchi Saturday, 27 April 2019 10:09 AM

මොවුන් මේ මරන්න ලැහැස්ති වුනේ කාවද? රටේ මුස්ලිම් නොවන සියලු දෙනාමද? පුලුවනිනම් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

:       422       331

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site