





(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් කැප කර ඇති දෙව්මැදුරේ වාර්ෂික පෙරහැර අද ( 30) පස්වරුවේ ගම වටා වීදි සංචාරය කරමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ.
සෑම වසරකම මැයි 1 වන දින ජුසේ මුනිදුන් නමින් මංගල්‍ය පැවැත්වෙන නමුත් පාස්කු ප්‍රහාරය නිසා පසු ගිය වසරේදිත් කොරෝනා රෝග තත්ත්වය මත මේ වසරෙදීත් මෙම පෙරහැර පැවැත්වීමට නොහැකි විය. කෙසේවෙතත්, අදාළ නීති රීතිවලට යටත්ව පෙරහැර පැවැත්වීමට ඊට හලාවත පොලිසිය නිසි අවසර ලබා දී තිබුණි.
බණ්ඩාරවත්ත මීසම් සේවක සුමේධ කෝලිත පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික කටයුතු නිසි ලෙසින් ගාම්භීර අයුරින් පවත්වමින් සමාජ දුරස්ථ භාවය රකිමින් ශුද්ධ වූ ජුසේ මුණිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීදි සංචාරය ආරම්භ කළ අතර කිතුණු බැතිමත්හු ප්‍රතිමාව සිය නිවෙස් ඉදිරියෙන් ගෙන යන අවස්ථාවේ දි ඊට ගරු බුහුමන් දැක්වුහ.
කුමන තත්ත්වයක් යටතේ වුවත් තම ආගමික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උනන්දුවක් ඇත්නම් හැකි බව මෙම පෙරහැර මගින් සමාජයට යහපත් පණිවුඩයක් ලබාදුන්නේය.
COMMENTS
වෙසක් දවසටත් ඇඳිරි නීතිය, පොසොන් දවසටත් ඇඳිරි නීතිය. අපට තමයි මේ ඔක්කොම නීති. හැබැයි අනෙකුත් අය නම් කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ අයගේ ආගමික උත්සව, අවමංගල උත්සව කරනවා.
මින් ඉදිරියට සෑම ආගමික උත්සව කරන්න ඉල්ලුවොත් මොකද කරන්නේ ? එහාකොට කුඹි ගුලක් ඇවිස්සුවා වගේ. ආයෙමත් අවුල් වෙනවනේ.
සහරාන් වයිරසය ලැබ දුන්නත් පාඩු .. කොරෝනා වයිරසය ගෙන දුන්නත් පාඩු .. විඳගෙන සියළු දුක් නිමකොට අඩුපාඩු .. පෙරහැර පුබුදුවයි බැතිනෙත් දුකෙන් හැඬු ..
හිතාමතාම නිරෝධායන නීති කඩන දෙමළ, මුස්ලිම් ජනයාට මේ කතෝලිකයන් හොඳ ආදර්ශයක්...