( ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත දැව ව්‍යාපාරිකයෝ අද ( 19 ) දහවල් හලාවත ප්‍රධාන වට රවුමට රැස්වී විරෝධතාවක නිරතවුහ.
තම දැව ව්‍යාපාරයන් පවත්වා ගෙන යාමේ දි හලාවත අඩවි වන නිලධාරි කාර්යාලයේ ඇතැම් නිලධාරින් විසින් ගනු ලබන අත්තනෝමතික ක්‍රියාමාර්ගයන් නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි හලාවත අඩවි වන නිලධාරි අයි.ඒ.පි.ආර්. විජේතිලක මහතා පැවසුයේ විරෝධතාකරුවන් නඟන චෝදනාවන් තමන් ප්‍රතික්ෂේක කරන බවත් තමන් හලාවත සේවය භාර ගත් පසු ප්‍රදේශයේ දැව ව්‍යාපාරයේ නිත පිරිස් දැනුවත් කරමින් මෙම ව්‍යාපාරය නිත්‍යණුකුලව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරිම් කළ අතර විවිධ උපක්‍රම අනුව නිති විරෝධි ව්‍යාපාරයන් සිදු කළ ජාවාරම්කරුවන් රැසක් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණයෙහි නඩු පවරා ඇති බවත්ය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.