
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
අලවංගු, මුල්ලු, උදලු ඇතුළු ආයුධ සහ පූජා භාණ්ඩ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හල්දුම්මුල්ල පදිංචි ඉඩමේ හිමිකරු ද සැකකරුවෙකු වන අතර සෙසු සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවද පොලිසිය කියයි.
අඩි හතරක් පමණ ගැඹුරේ අඩි දහයක් පමණ දෝනාවක් ද හාරා ඇති බව පොලීසිය නිරීක්ෂණය කර තිබේ.
සැකකරුවන් අද (14) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.