IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හල්දුම්මුල්ලේ කඳු දෙකක් ගිනි ගනී

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල රුක්කත්තන කන්දේ සහ කහට තලාව කන්දේ අද (7) ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා පැවසීය.

මෙම ගිනි ගැනීම් දෙකම විශාල වශයෙන් පැතිර යන බවත් හල්දුම්මුල්ල පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න විශාල වශයෙන් පැතිර ඇති බවත් මේ වන  විටත් අක්කර 15 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මේ වන විට වගා බිම් ද ගින්නට ගොදුරු වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (5)

හල්දුම්මුල්ලේ කඳු දෙකක් ගිනි ගනී

Champa Tuesday, 07 January 2020 03:06 PM

හපොයි මේ මොකක්ද වෙන්නේ? අක්කර 15ක් දැනටම ගිනි අරන්. පොලිසියයි, ගම්මුයි කොහොමද ලැව් ගිනි නිවන්නේ? ගිනිනිවන හමුදාව සහ අනිත් හමුදා එක්ක එකතු වෙන්න එපායැ. ඕස්ට්‍රේලියාවට වෙච්ච වැඩේ පාඩමකට ගන්න.

:       0       29

කසුන් Tuesday, 07 January 2020 03:12 PM

මොන තරම් විපත්ද අපේ රටට මේ වෙන්නේ...? ධාර්මික පාලකයන් නොලැබීමේ ඵලවිපාක.

:       40       35

Helaratawasiya Tuesday, 07 January 2020 04:25 PM

අතේ ලේ ගෑවුණු නායකයින් රට පාලනය කරනකොට ඔහොම තමයි. නායකයින්, පූජකයින් සේරම ලේ කුපිත වෙලා වගේ වැඩ කරන්නේ... ඉතින් ලේ සහ ගිනි තමයි ලැබෙන්නේ සොබදහමෙනුත්..

:       208       61

Mahesh Tuesday, 07 January 2020 05:18 PM

මේ දවස්වල තියෙන අව්ව පුදුම සැරක් තියෙන්නේ.. ඒක තමයි මෙහෙම වෙන්නේ...

:       1       19

දිමුත්Wednesday, 08 January 2020 04:32 AM

මේවා නිකං වෙන්නැහැ. කවුරුහරි ගිනි තියලා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31078 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13218 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 36 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site