IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

( ටී.කේ.ජී.කපිල  )

කූඨ  ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත  පැන යාමට තැත් කළ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

41 හැවිරිදි වියේ පසු වන  මොවුන් දෙදෙනා පුත්තලම , තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති .

ඔවුන් අද 21 දින අලුයම 03.15 ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවර  වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් මත , ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා එම ලියකියවිලි ද සමග ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

එහිදී එම ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර , එහිදී එම ඉතාලිය නේවාසික  වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ .

මින් පෙර කිසි දිනෙක විදේශගත වී නොතිබුණු මොවුන් දෙදෙනාගේ  ගුවන් ගමන් බලපත්‍ර වල ද ව්‍යාජ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා  සටහන් ඇති බවද , වැඩිදුරටත් මෙම නිලධාරීන් කළ විමර්ශන වලදී  අනාවරණය කරගැනීමට සමත් වී තිබුණි .

ඉන්පසුව මෙසේ  කූඨ ලේඛන මගින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ මොවුන් දෙදෙනා , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි .

 

 

 



අදහස් (2)

හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

saman Tuesday, 21 September 2021 03:57 PM

අනේ කරුණාකරලා රටින් යන කෙනෙකුට යන්න දෙන්න... ලංකාවේ ඉඳල‍ා හිඟා කන්නද කියන්නේ..?

:       3       0

Nihal Wednesday, 22 September 2021 01:57 AM

යුරෝපෙට යන්න කලින් දැනගන්න .ඉන්න තැනක් නැතුව කන්න බොන්න නැතුව මහ මග හිඟා කන මිනිස්සු දහස් ගණනින් අධික සීතල මිනිස්සු මැරෙන තරම් අන්තර් ජාලයෙන්වත් දැනගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site