(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ බීඩි තොගයක් කුරුඳු මිටි අතරේ සඟවා කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දී අද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
එම සැකකරු සමඟ පාර්සල් 120 ක අඩංගු බීඩි 48000ක් හා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
තම වෙළඳ නාමය මෙන්ම ඊට යොදන ලාංඡන භාවිතා කරමින් ව්‍යාජ ලෙස බීඩි නිෂ්පාදනය කිරිමේ ජාවාරමක් සිදුවන බවත් එලෙස නිෂ්පාදනය කරන ලද බීඩි පුද්ගලයකු ලොරි රථයකින් බෙදාහරින බවට බීඩි නීත්‍යානුකූලව නිෂ්පාදනය කරන සමාගමෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ලද රහසිගත තොරතුරු අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
ප්‍රවාහන යොදාගත් ලොරි රථය තුළ පිටතින් බැලීමේදී කිසිදු සැකයක් ඇති නොවන අයුරින් කුරුඳු ගබඩා කර තිබූ බවත් ව්‍යාජ බීඩි තොගය ඉතා සූක්ෂම ලෙස කුරුඳු අතර සඟවා තිබූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
63
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර බීිඩි තොගයක් සමග අයෙක් මාට්ටු