(අංජුල මහික වීරරත්න)
කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
කොරෝනා මර්දනය සඳහා ජීවිත පරදුවට තබා ක්‍රියා කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කොරෝනා සහන දීමනාව පවා මේ වන විට කප්පාදු කර තිබෙන බව කී රත්නප්‍රිය මහතා කොරෝනා මර්දනය වෙනුවෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන සහාය නොලැබුණොත් ලබන සදුදා (27) බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සඳහන් කළේය.
මරණ සංඛ්‍යාව අඩු වුණත් නිවෙස් වල මියයන ප්‍රතිශතය වැඩිවී තිබෙන අතර එය හොඳ තත්ත්වයක් නොවේ යැයිද ඒ නිසා පරීක්ෂණ හරියට කර රටේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නැයි ආණ්ඩුවට පවසන බවද රත්නප්‍රිය මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදිනෙදා ජිවිතෙදිවත් හරි තීරණ නොගන්න මෙවන් අය අනිත් අයට උපදෙස් දෙනවා හරි තීරණ පිළිබඳව.
ඔහොම කියල පොඩි උද්ගෝෂණ රැල්ලක් හදන්න රිහසල් එකක් තිබ්බ මෙයාගෙ ගෝලයො රවටගෙන 22 දා. ඊට පසුව ස්ටාලිනුත් නැටුමක් පටන්ගනී. ඔක්කොම අවුල් වුනාම ආණ්ඩුවට බනිමු රට වහන්න කියල.
රට විනාස වෙනකන් බලන් ඉන්න පිරිසක් මේ අය රටට කරපු එක හොදක් කියන්න!
ලෝකයේ රටවල් 9ක් ඇරෙන්න අනිත් සේරම රටවල් කොරෝනා අමතක කරලා පරණ පරණ විදියට වැඩ. අපේ දේශපාලුවෝ කොරෝනා වවන් කනවා
ඇත්තෙන්ම ඔබ නිවැරදියි.
අපෝ හරි තීරණ ගනන කෙනා කතා කරන්නේ
හරි තීරන ගන්න ඕනේ ජනතාවද රජයද? වහිනවානම් තෙමෙන්න හොඳ නැතිනම් එක්කෝ එලියට නොබහින්න නැතිනම් කුඩ අරගෙන යන්න. ලෙඩේ බෝවෙයි කියා හිතෙනවානම් එලි බහින්න එපා. මිනිස්සු අතරට යනවානම් අදාල සෞඛ්‍ය නීති පිළිපදින්න. මුහුණට දාන මාස්ක් එක බෙල්ලට දානවනම් වයිමා හිටියත් බෝවීම වලක්වන්න බැහැ.