
(පැතුම් දර්ශන)
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වූ අයවැය අද (16) දෙවන වරටත් ඉදිරිපත් කළ අවස්ථාවේ දී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා විසින් අද (16) දහවල් පැවැති සභා රැස්වීමට අයවැය ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් ලබා නොදී රැස්වීම් භූමියෙන් පලායාමත් සමග මෙම උණුසුම්කාරී තත්වය ඇතිවිය.
එහිදී උරණ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛන, මන්ත්‍රීවරුන් ට බීමට ලබාදී තිබු ජල බඳුන් සහ පුටු බිම ගසා දැඩි විරෝධයක් දැක්වූහ.
හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව නියෝජනය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් අට දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හතරදෙනෙකු, සභාපති වරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හයදෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රීවරයෙකු සහ ස්වාධීන එක් මන්ත්‍රී ධුරයක් වශයෙනි.
2025 දෙසැම්බර් මස 30
141
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරවිපොතාන ප්‍රා.සභාව උණුසුම් වෙයි