IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හෙරොයින් සමග ලක්ෂ 65 ක බඩු වැලිගමින් අල්ලයි

 

(තරංග ගුණරත්න)

මාතර කොට්ඨාශ දුෂණ මර්දණ ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යතුරු පැදියක් භාවිතා කරමින් හෙරොයින් අලෙවි කිරිමේ ජාවාරමේ නියුතු සැකකරුවෙකු සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් හා හොරොයින් අලෙවි කිරිමෙන් ලබා ගත් රුපියල් දස ලක්ෂ විසිදාහක මුදලක් සමග සැකකරුවකු අද (11) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසති.
 
ඊසි කැෂ් ක්‍රමයට වැලිගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරනු ලබන බවට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලිම කරනු ලැබ තිබේ.

එහිදී හෙරොයින් ඊසි කැෂ් ක්‍රමයට අලෙවි කිරිමට යොදා ගන්නා ලද ජංගම දුරකථන 3 ක්, හෙරොයින් ගැණුම්කරුවන්ට ලබා ගැනිමට තබා තිඛෙන ස්ථාන පිළිබදව සිතියම් ගත කොට ඇති පොත් කිහිපයක්, බැංකු ඒ.ටී.එම්. කාඩ්පත් කිහිපයක් ආදිය පොලීසිය විසින් සැකකරු සන්තකයේ තිබි සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල දික්කුඹුර අහංගම ප්‍රදේශයේ පදිංචි වයස 46 පුද්ගලයෙකු වන අතර සැකකරු කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිට පසුව පලා ආ පුද්ගලයකු බවට සිදු කළ විමර්ශන වලදී අනාවරණය තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන තවදුරටත් විමර්ශන කටයුතු මෙහෙවන බව පොලිසිය කියයි.



අදහස් (0)

හෙරොයින් සමග ලක්ෂ 65 ක බඩු වැලිගමින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site