
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස දෙවට පාර පාලම අසල දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිවෙස් බිදුම් 6 ක තොරතුරු අනාවරණය වූ ගල්කිස්ස පොලිසිය කියයි .
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගත් රුපියල් ලක්ෂ 5 කට අධික වටිනා රන් මාල ,මුදු ,අත් පලදනා ,පෙන්ඩන් ,රූපවාහිනී ,විදුලි පංකා,ඩී.වී.ඩී යන්ත්‍ර ,ගෑස් සිලින්ඩර්,ස්පීකර් ,මහන මැෂින් ,ලී දොරවල් සහ ලී උලුවහු රැසක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි .
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාට ලද රහසිගත තොරතුරක් අනුව හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 1100 ක් සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් මත්කුඩු මිල දී ගැනීමට මුදල් සොයා ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කිරීමේ දී කාලයක සිට සිදු කල මෙම සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd