(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 27 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (2) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි සෙල්වදොරේ රංජිත් කුමාර් නමැති පුද්ගලයකුටය.
2012 සැප්තැම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 27.2 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මාලිගාවත්ත ප‍්‍රදේශයේ කළ වැටලීමකදී විත්තිකරු අල්ලා ගෙන ඇති බව නඩු විභාගයේ දී අනාවරණය විය.
හෙරොයින් ජාවාරම් කිරීම හා හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ගිහිනුත් ඊසී කෑෂ් ක්‍රමේට කුඩු විකුණන උන් මුන්. ආනන්දේ, නාලන්දේ සිංහල කොල්ලෝ කී දෙනෙක්ට මාරයාගේ පාර පෙන්නලා තියෙනවද දන්නේ නැහැ.