
(ඉන්දිකා රාමනායක)
ජාත්‍යන්තර මුහුදේ දකුණු මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 340 ක තොගය අද (25) දහවල් නාවික හමුදාව විසින් කොළඹ වරයා වෙත රැගෙන එනු ලැබීය.
මෙම හෙරොයින් තොගය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනකු යාත්‍රා දෙකක් ද වරායට රැගෙන ආ බව නාවික හමුදාව කියයි.
මෙම සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහන සදහා යොදා ගත් කුඩා වැල්ලේ ව්‍යාපාරිකයකුට අයත් “සුරේෂ් පුතා”යාත්‍රාවේ නියමුවා ඇතුලු එහි හය දෙනකු, සුරේෂ් පුතා යාත්‍රාවේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනා සහ තවත් සැකකරුවකු, මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙය යාමට ත්‍රිකුණාමලයේ සිට ගැඹුරු මුහුද වෙත ගොස් සිටි “ඕෂන් පුතා” යාත්‍රාවේ නියමුවා ඇතුලු පස්දෙනකු ද සිටියහ.
අත්අඩංගුවට ගත් මෙම හොරොයින් කිලෝ 1 වශයෙන් පාර්සල තුළ අසුරා තිබු අතර එහි විවිධ වර්ගයේ අංක යොදා තිබෙනු දක්නට ලැබිණි.
මෙම හොරොයින් තොගය නිරීක්ෂණය සදහා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන මහත්වරුන් ද කොළඹ වරාය වෙත පැමිණ සිටියහ.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )






COMMENTS
ලංකාවට මත්ද්‍රව්‍ය ගේන්න සාමාන්‍ය මිනිස්සුන්ට, බෝට්ටුවක් තිබුණත් අසීරුයි. ලංකාව කියන්නේ ඇතුලේ මණ්ඩලේ කචල් වෙලා ඉහළම කුඩ්ඩව අල්ලා ගත්තාම ජනාධිපති ගිහින් බදාගත්තු රටක්. පස්සේ ඒ කුඩ්ඩා රටේ ඇමැති වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් අල්ලනවා. හිරේත් දානවා. හැබැයි කුඩුටික එළියට එනවා ටික දවසකින්.. මේවා චිත්‍රපටි.. නළුවොත් ඔවුන්ගේ.. තිර රචනයත් ඔවුන්ගේ.. අපි 78 වසරක් බලන් ඉන්නවා.
මේ අල්ලන කුඩු ටික ආපහු මාකට් එකට එන්නේ කොහොමද කියලත් හොයලා බැලුවොත් හොඳයි... ඇමැති කෙනෙක්ට යනවා නම් අවුලක් නෑ.
නරකද මේවා අල්ලගත්ත ගමන්ම ගිනි තිබ්බොත්.?