(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
හරීන් ප්‍රනාන්දු මහතා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරවේ එම රෝහල වෙත පැමිණ මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මීට පෙර ද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීප හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමක දී ඒ මහතා පැවසුවේ තමන් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත ව සිටින බවත්, වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් අදාල ප්‍රකාශය ලබා දෙන බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.