IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හොරෙන් විදුලිය ගත් 84 ක් අත්අඩංගුවට

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන මන්නාරම මුරුක්කන් හා සිලාවතුර ප‍්‍රදේශයේ පුද්ගලයින් 84 දෙනෙකු විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා මන්නාරම පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා මන්නාරම පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම ප‍්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් වංචනික ක‍්‍රම මඟින් විදුලිය ලබාගන්නා බවට විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සති කිහිපයක් තිස්සේ බුද්ධි තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව අද (1) අලුයම 1.00ට පමණ මන්නාරම මුරුක්කන් හා සිලාවතුර ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී වංචනික ක‍්‍රම මඟින් විදුලිය ලබාගත් මුරුක්කන් පොලිස් වසමේ පුද්ගලයින් 5 දෙනෙකු හා සිලාවතුර පොලිස් වසමේ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.

මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කණඩායමක් හා විදුලි බල මණ්ඩලයේ ලංකාව පුරා ඇති විශේෂ විමර්ශන ඒකකවල සියලුම නිලධාරීන් යොදවා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී විදුලි රැහැන් වලට කොකු ගසා හොරෙන් විදුලිය ලබාගත් පුද්ගලයින් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත්  විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම ඉතාම අන්තරායකාරී බවත් පෙන්වා දෙන ඉන්දික ප‍්‍රනාන්දු මහතා 2009 අංක 20 දරණ විදුලි බල පනතේ 49 හා 50 වැනි වගන්ති වලට අනුව වංචනික ආකාරයෙන් විදුලිය ලබාගැනීම අපරාධමය වරදක් බවද පැවසීය.

සංඥය වරදක් වන වංචනික ආකාරයෙන් විදුලිය ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වන පුද්ගලයකුට රුපියල් 10,000/- හා රුපියල් 50,000/- අතර දඩ මුදල් නියම කළ හැකි බව නීතීයේ සඳහන් වන බව පැවසු ඉන්දික ප‍්‍රනාන්දු මහතා ඊට අමතරව වංචනික ආකාරයෙන් විදුලිය ලබාගැනීම හේතූවෙන් මණ්ඩලයට සිදුවු පාඩුව ගෙවීමට සිදුවන බවද බැවසීය.

මෙවැනි විදුලි හොරුන් අල්ලා ගැනීම සඳහා ඉදිරියේදී ද ලංකාව පුරා විමර්ශන සිදුකරන බව පැවසු ඉන්දික ප‍්‍රනාන්දු මහතා වංචනික ආකාරයෙන් විදුලිය ලබාගන්නා පුද්ගලයින් පිළිබඳ තොරතුරු 1987 හා 0112422259 දුරකථන අංක වලට හෝ 0112433183 ෆැක්ස් අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (2)

හොරෙන් විදුලිය ගත් 84 ක් අත්අඩංගුවට

සමන් - ඕමානය Sunday, 01 March 2020 07:12 AM

කොකු ගසා විදුලිය අනවසරයෙන් ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම ප්‍රශංසනීයයි. වැදගත් ජාතික කාර්යයක්. විදුලි බල මණ්ඩලය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට යම් ප්‍රමාණයකින් කෙරෙන විසඳුමක්. මෙම කොකු ගසා විදුලිය ගැනීම, නැගෙනහිර පළාතේ ද විශාල වශයෙන් සිදු කෙරෙනවා. කල්මුනේ සිට පොතුවිල් යන පාරේ, සෑම නිවසකම පාහේ මෙය සිදු කෙරෙනවා. අතුරුපාරවල් වලත් එසේ සිදුකරන බව විශ්වාස කල හැකියි. ප්‍රසිද්ධියේම කෙරෙන මෙම කාර්යය ගැන විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු ප්‍රාදේශීය නිලධාරීන් නිහඬ ඇයි යන්න ප්‍රශ්නයක්. දේශපාලන බලපෑම්ද? ජාතිවාදී එකමුතුවක් ද? එම සිද්ධියම මන්නාරම සිලාවතුර ප්‍රදේශවල සිදුවීම, එය ජාතිවාදී සංවිධානාත්මක වැඩක් බව විශ්වාස කළ හැකියි. හෙල්මට් නැතිව මෝටර් සයිකල් පැදීමත්, එවැනිම ජාති වාදී, රාජ්‍ය විරෝධී ලෙස සිදුවන්නක්. යම් හේතු නිසා නිලධාරීන් ඇතුළු අනිකුත් අය මේ විදුලිය සොරකම් කිරීම පිළිබඳව නිවැරදි පියවර නොගන්නේ නම්, ජනපති තුමා මේ පිළිබඳව තදින් ක්‍රියා කළ යුතුයි. ක්‍රියා කිරීම සඳහා විදුල බල ඇමති තුමා හට නිසි උපදෙස් හා පූර්ණ අනුමැතිය ලබා දිය යුතුයි.

:       0       152

kamal Sunday, 01 March 2020 09:33 AM

මන්නාරම මුරුක්කන් හා සිලාවතුර ප‍්‍රදේශයේ ඉන්න කෝටිපතින්ගේ හොරකම් ඇල්ලීම අපේ රටේ මුලින්ම කළයුතු වැඩක්, ප්‍රශංසනීයයි. මීළඟට, ලංකා බැංකුවෙන් කෝටි 1800ක් ණය අරන් පැන්න කට්ටිය අල්ලන එක කරමු.

:       6       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site