IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හරීන්ට- වඩිවේල් සුරේෂ්ට පැනවූ වාරණ නියෝග දෙක දිර්ඝ කරයි

 

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ලංකා ජාතික වතු කම්කරු සංගමයට අයත් වාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, විකිණීම හා එම සංගමයට අයත් බැංකු ගිණුම් ඇප කරයට තබා බැංකුණය ලබා ගැනීම වළක්වාලමින් එම සංගමයේ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  සහ එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් යන දෙදෙනාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝග දෙක ලබන ජූලි 08 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (24) තීන්දු කළාය.

එම වාරණ නියෝග ඉවත් කරන්නැයි වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හරීන් ප්‍රනාන්දු  සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා කළ ඉල්ලීමක් ඉවත දමමින් කොළඹ දිසා විනිසුරුවරිය මෙම වාරණය දීර්ඝ කළාය.

වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හරීන් ප්‍රනාන්දු  සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් විසින් සිය සංගමයේ වත්කම් පෞද්ගලික පරිහරණය ලබා ගන්නා බවත් ඒවා වළක්වන වාරණයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්  ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු වන මැටියන ගෙදර ගුණතිලක සහ සිවාජි රාසා පාක්‍යනාදන් යන නැමැත්තන් විසින් ගොනු කළ පැමිණිල්ල ඊයේ කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරනු ලැබීය.

එම පැමිණිල්ල ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා කියා සිටියේ මෙම වාරණ නියෝග නිසා 27,000කට අධික වූ එම සංගමයේ සාමාජිකයින්ට බලවත් අගතියක් සිදුවන බවත් , එහෙයින් එකී වාරණ නියෝග විසුරුවා හරින්නැයි දිසා විනිසුරුවරයා ගෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම් සලකා බැලූ දිසා විනිසුරුවරිය ලංකා ජාතික වතු කම්කරු සංගමය සතු චෙක්පත් වලට අත්සන් කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය පමණක් ඉවත් කිරීමට තීන්දු කළ අතර , එම  සංගමයට අයත් වාහන සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, විකිණීම හා එම සංගමයට අයත් බැංකු ගිණුම් ඇප කරයට තබා බැංකු ණය ලබා ගැනීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝග දෙක ලබන ජූලි 08 වැනිදා තෙක් දීර්ඝ කළේය.

සිය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්තරා රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන යනු සිය සංගමයේ බැංකු ගිණුමේ තැන්පතු ඇපකරයට තබා රුපියල් මිලියන 3ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් , සභාපති ධූරයේ කටයුතු කළ වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් සංගමයට අයත් වාහන පෞද්ගලික පරිගණකයට ගැනීම ඇතුළු අක්‍රමිකතා සිදු කරන බව පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි.

පෙත්සම්කාර සංගමය වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

හරීන්ට- වඩිවේල් සුරේෂ්ට පැනවූ වාරණ නියෝග දෙක දිර්ඝ කරයි

Prabha Wednesday, 24 June 2020 12:06 PM

කතාව නම් සාන්තුවරයන්ගේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site