(පාලිත ආරියවංශ)
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමකදී ජනතාව ඉදිරියේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම පොරොන්දු පත්‍රය බාර දුන්නේය.
ඇමැති ධූරයක් හෝ මන්ත්‍රී ධූරයක් දරන කාලය තුළ තමාගේ පරිහරණයට කිසිඳු වාහනයන් ආනයනය නොකරන බවත් පාක්ෂිකයන්ගේ ජනමතය විකෘති කරමින් පක්ෂ මාරුවක් සිදු නොකරන බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් පොරොන්දු පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.
යම් හෙයකින් තමාගේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ ප්‍රතිපත්ති අතර ගැටළු කාරී තත්ත්වයක් ඇති වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පොරොන්දු පත්‍රයේ සඳහන්විණි.

COMMENTS
හලෝ පොරොන්දු වෙනවා... වාහන බලපත්‍ර ගන්නෙත් නැහැ. පෙන්ෂන් එක ගන්නෙත් නැහැ කියලා. හැබැයි වැටුප එපා කියලා ලිකර් පර්මිට් 2ක් විතර ගන්න එපා.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු නෙවෙයි..., අද ඉඳලම කරලා පෙන්නන්න. කොහොමත් සජිත් දිනන්නේ නැති බව දන්න නිසා බය නැතුව කියනවා. පුළුවන් නම් ඉතුරු කාලෙදී ඔය කිසිම දෙයක් ගන්නේ නෑ කියලා කියන්න...
වැඩක් නැහැනේ... දිනන්නේ නැති බව හොඳටම දැනගෙන ඇයි මේ නිකන් රඟන්නේ...?
සජිත් ජනාධිපති නොවන බවට මීට වඩා තව මොන පොරොන්දුද?
පරාජයේ සලකුණු පේන්න අරන් වගේ.. දෙයියනේ අවුරුදු 5ක් තිස්සේ මේ මිනිස්සු කොහෙද හිටියේ? ඕවා කරන්න ඡන්දය එනකම්ම හිටපු හැටි.. මේ රටේ මිනිස්සු තමුන්ලාට බලය දුන්නේ ඔය විකාර කරන්න නෙමෙයි.. වැඩ කරන්න. ඒක නොකර දැන් දඟලලා වැඩක් නැහැ .. හොඳටම පරක්කුයි.
බය නැතුව පොරොන්දු වෙන්න සෑර්...!!!
කොහොමටත් ඇමති වැටුප තමයි හම්බ වෙන්නේ... අනිත් අයත් පොරොන්දු වෙන්න. ඒ වගේම අවුරුදු 5ට අඩු අය පොරොන්දු වෙන්න අවුරුදු 5 ඉවර වෙනකම් පවතින රජයට සහයෝගය දෙනවා කියලා පොරොන්දු පත්තරයකට අත්සන් තබා දෙන්න.
බෝම්බ ගැන දන්නවා නම් මිනිස්සුන්ට කියනවද?
එතකොට ලැබෙන දීමනා සහ වරප්‍රසාද ඉස්සෙල්ල ගෙදරදීම ඒවත් ඉවරයක් කරලා වැඩ පටන්ගන්න ඕනනේ...
වැටුප් මොකටද? මේ අවුරුදු 5 තුළ හම්බකරපු සල්ලි තව ඇත..
බුදුන් උපන් දෙශයේ සාර්‍ධර්ම වල පිඩුසිඟා යාම කියන්නේ උතුම් පරමාදර්ශයක්. සජිත්ද ජනතාවගේ වැටුපින් ජීවත්වෙන්නේ නැති යයි පුරාජෙරු කියනවා. එයින් පෙන්වන්නේ හිත තුළ පවතින පුහු මාන්නයයි. රජෙකුට වුණත් එයාට පුලුවන්නම් කෑම වේලක්දීම මම කන්නේ ජනතාවගේ මුදලින් කියල අනතිමානී වන්න..
කඩවුණු පොරොන්දු තමයි.
හොද දෙයක් අගේ කරනවා හොරු උනත් තමන්ගේ පක්ෂයේ ඉන්නකොට අපේ මිනිස්සුන්ට ගානක් නැත
බලාගෙන යද්දී හොඳ මිනිහෙක් වෙන්න වැඩිකල් යන්නේ නැහැ. හැබැයි ඡන්ද කාලයක් වෙන්න ඕනේ..
හරීන්ගේ පොරොන්දුව හොඳ සත් ක්‍රියාවක්... මොකද සජිත් දැනටම කියනවා. මන්ත්‍රී වරප්‍රසාද, අධි සුඛෝපභෝගි වාහන, ඇමතින්ට ව්‍යාපාර තහනම් කිරීම, ඇමැති පවුල්වලට රැකියා නොදීම වැනි අතිවිශාල කෝටි ගණන් නාස්තිකාර මුදල් රටේම ජනජීවිතය නගාසිටුවන්න යොදවනවා කියලා. මෙතෙක් ලංකාවේ නිදහසෙන් පසු දේශපාලකයෝ කලේ මහජන ප්‍රකෝටි ගණන් මුදල් හොරකම විතරයි. සජිත්ගේ අවංක වැඩපිළිවෙලට සියලුම රටේ ජනතාව එකතුවී ජය තහවුරු කළ යුතුයි...
මේ දෙන්නම පුරාජේරු බානවා. එයින් පෙන්වන්නෙ හිත තුල පවතින පුහු මාන්නයයි. බුදුන් උපන් දෙශයේ සාරධර්ම වල පිඩුසිගාකෑම කියන්නෙ උතුම් පරමාදර්ශයක්. රජෙකුට උනත් එයාට පුලුවන්නම් හෑම කෑම වේලක්දීම මම කන්නේ ජනතාවගෙ මුදලින් කියල නිහතමානි වෙන්න එය තමා අප සම්ප්‍රදාය විය යුත්තේ. ඔබ දේශපාලනයෙන් සමුගත යුතු වුයේ පාස්කු ප්‍රහාරයට පසු දාමය.
මේ ටිකට හම්බ කරගත්තුවා මදැයි. පරම්පරා 7කට...
ඇමැති හරින් ප්‍රනාන්දු මහතාද, සජිත්ද ජනතාවගේ වැටුපින් ජීවත්වෙන්නේ නැති යයි පුරාජේරු බානවා. එයින් පෙන්වන්නේ හිත තුළ පවතින පුහු මාන්නයයි. බුදුන් උපන් දේශයේ සාරධර්මවල පිඩුසිඟා කෑම කියන්නේ උතුම් පරමාදර්ශයක්. රජෙකුට වුණත් එයාට පුලුවන්නම් හැම කෑමවේලක්ම මම කන්නේ ජනතාවගේ මුදලින් කියලා අනතිමානීවන්න.. ඔබ දේශපාලනයෙන් සමුගත යුතු වූයේ පාස්කු ප්‍රහාරයට පසු දාමයි.