
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ලබන මැයි මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය.
විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (03) සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම නියෝග නිකුත් විණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වර්ෂයේ ජූලි මස 20 වැනිදාය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, අධිකරණ අමාත්‍යවරයා, ආර්. දුමින්ද සිල්වා මහතා සහ නීතිපතිවරයා නම්කර ඇත.
මහාධිකරණ ත‍්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තුනෙන් දෙකක බහුතර තීන්දුවක් මගින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතා වැරදිකරු කරමින් 2016 සැප්තැම්බර් 08 වැනිදා මරණ දණ්ඩනය ලබා දුන් බවත්, එකී මරණ දඬුවමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර තිබූ බවත් පැමිණිලිකාරිය සිය පෙත්සමෙ සඳහන් කර ඇත.
එසේ තිබියදීත් ජනාධිපතිවරයා විසින් මෙලෙස පොදු සමාවක් ලබා දෙනු ලැබ ඇති බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙ සඳහන් කර තිබුණි .
ඒ අනුව, එම මුදාහැරීම සිදුකර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප‍්‍රතිපාදන අනුගමනය කිරීමකින් නොවන බවත් එබැවින් එලෙස මුදාහැරීම ව්‍යවස්ථා විරෝධී වන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිරුනිකාගේ පෙත්සම සලකා බලන්න දින දෙයි
Bamunuarachchi Thursday, 03 March 2022 05:25 PM
අල්පොන්සෝ එයාගේ හඬපටයෙන් ඔක්කොම විස්තරේ ඔක්කොම කිව්වනේද? ඒ හඬපටය ඉදිරිපත් කලොත් ගරු අධිකරණය ඒ දාට වඩා විස්තර දැන ගනීවී. අහවලාට උසාවියේ වලන් හෝදන්න වේවි.