(කේ බුද්ධික කුමාරසිරි)
හොරණ ගෝනපල ප‍්‍රදේශයේ නිවසක බලපත‍්‍ර රහිතව තබා ගෙන සිටි පිපිරවීම් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුර පවසයි.
ගෝනපල කුඹුක ප‍්‍රදේශයේ පිහිටි අදාල ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂාවකට ලක් කිරීමේදී අදාළ පිපිරීම් සදහා යොදා ගන්නා ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවද එම කඳවුර පවසයි.
එම නිවසේ තිබී පිපිරීම් සදහා යොදා ගන්නා ඩෙටනේටර් 58 ක් වෝටර් ජෙල් කූරු 08 ක් ඇමෝනියා කිලෝ 06 ක් වෙඩි බෙහෙත් ග‍්‍රෑම් 400 ක් හමු වූ බවත් අනාරක්ෂිත ආකාරයෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය බලපත‍්‍ර රහිතව ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එම නිවසේ සිටි පුද්ගලයකුව අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුරේ නිලධාරීයකු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd