IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොරණ නගරය මැද වෙළෙඳසැල් 3ක් ගිලා බහී

(මංගල එදිරිසිංහ)                                                                                             

හොරණ අඟුරුවාතොට මාර්ගය පුළුල් කර සංවර්ධනය කටයුතු සිදුකෙරෙමින් තිබියදී, හොරණ බෝගස අසළ එකිනෙකට යාබද පිහිටි ව්‍යාපාරික ස්ථාන තුනක් අද පොළොවට ගිලා බසිමින් කඩාවැටුණු බව හොරණ නගරාධිපති විතාරමගේ සිරිසෝම මහතා පවසයි.                                                                        
මාර්ග සංවර්ධන අධිකාරියේ හොරණ විධායක ඉංජිනේරු කාර්යාලය අධීක්ෂණය  යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. එකින්එකට යාබදව පිහිටා තිබූ වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක පිහිටි සපත්තු සෙරෙප්පු  අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන තුනක් මෙලෙස සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත.    
                                                                                                     
මෙම අලෙවිසැල් ගිලාබසින අවස්ථාවේදී එම වෙළඳසැල තුළ ව්‍යාපාරිකයින් සහ පාරිභෝගික  කිහිපදෙනෙක් ද සිට ඇති අතර ගිලාබසිනවාත් සමගම ඔවුන් සියලු දෙනා එම ව්‍යාපාරික ස්ථානවලින් පිටතට පැනීම නිසා සිදුවන්නට ගිය ජීවිත අනතුරු වැළකී ඇත.   

හොරණ  නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සහනයක් ලෙස  මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කරන බවත් ඒ අනුව සියලුම ව්‍යාපාරිකයින් හොරණ නගර ශාලාවට කැඳවා මෙම සංවර්ධන කටයුතු  කරන ආකාරය පිළිබඳව ඔවුන් සම්පූර්ණයෙන් දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ  විරුද්ධතාවක් නොමැතිව සංවර්ධන කටයුතු ආරම්භ කල බවත්  නගරාධිපති සිරිසෝම මහතා පැවසීය. කෙසේ වෙතත් සුන්බුන් අතර ඇති ඔවුන්ගේ ව්‍යාපාරික භාණ්ඩ එළියට ගැනීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවන නිලධාරීන්ගේ සහාය ලබා දෙන බවත්  නගරාධිපතිවරයා පැවසීය.       

                                                          



අදහස් (2)

හොරණ නගරය මැද වෙළෙඳසැල් 3ක් ගිලා බහී

Demuni Uduwara Friday, 31 July 2020 11:58 AM

සිදුවීම ගැන කණගාටුයි... රටත් ඒ ඉරණමටම පත්වෙයි දැන් හෝ පසුව...

:       69       395

අනුර Saturday, 01 August 2020 02:47 AM

නගර මධ්‍යයේ ඇති මෙවැනි කල් ඉකුත් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, කඩා ඉවත් කිරීම හෝ නැවත ගොඩ නැගීම පිළිබඳ සියළුම නගර සභා අවධානය යොමු කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 608 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site