(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹ යන සියලුම පෞද්ගලික බස් රථ අද (23) ධාවනය වැළකී වර්ජනයේ යෙදුණු බව පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
හොරණට සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට අලුතින් සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වර්ජනයේ නිරත වූහ.
හොරණ සිට කොළඹ දක්වා බස්රථ 55ක් තිබෙන අතර දෛනිකව එයින් 35 ක් ධාවනයේ යෙදෙන බවත් එය හැරුනහම තදාසන්න ප්‍රදේශ වල සිට හොරණ හරහා කොළඹට ධාවනය වන බස් බස් රථ ද මෙම වර්ජනයට සහයෝගය දක්වමින් ධාවනයෙන් වැළකී ඇතැයි ඒ මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ බස් මාර්ග අයිති ගැමුණුටද? හොඳම දේ පුද්ගලික බස් රජයට පවරාගෙන ජනතාවට පහසුකම් ඇති ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීමයි...
ඉතිං ඔය ටික ගෙදරට තියාගන්න. අපිට ඔය තියෙන විදියට යන්න පුළුවන්...