IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරණ කීරගල කුඩුකාරයන්ගේ වධකාගාරයක්

( +++බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ කිරිගලහේන ප්‍රදේශයේ පාළු නිවසක වධකාගාරයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව කියන දස දෙනෙකුගේ කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළුව හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මොවුන් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් සතුව තිබූ මන්නා පිහි හයක් කඩු හතරක් සහ ජංගම දුරකථන පොලිසියේ බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පාතාල මර්දන ඒකක දෙක කණ්ඩායමේ නිලධාරීන් හොරණ කීරගල ප්‍රදේශයේ දී 22 හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව ඔවුන් වදකාගාරයක් පවත්වාගෙන ගිය බව කියන අඩක් වැඩ නිමකළ නිවසක සිටි තුන් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම කල්ලියට එරෙහි වන්නන් පැහැරගෙන ගොස් එම නිවසට ගෙනගොස් ගස් බැඳ පහරදීම් සහ පිළිස්සීම් සිදු කොට ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

මොවුන් පුද්ගලයන් පැහැර ගැනීම සහ වධහිංසා කිරීම රාත්‍රී කාලයේ සිදු කර ඇති බවට හෙළිවී ඇත.

එම කල්ලියේ ලාබාලතමයා අවුරුදු 16ක් වන තරුණයකු බවට හෙළිවී ඇති අතර ඔහු පදිංචිව සිටින නිවස වධකාගාරය පවත්වාගෙන ගිය බවට පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත.

මෙම කල්ලියේ වධහිංසාවන්ට ලක්වූ පිරිසක් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය කියයි.

මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු ඇතුළු කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය පානය කර නන් දොඩවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මෙන්ම ඔවුන්ට විරුද්ධ වූ තරුණයන් ගස් බැඳ ශාරීරික වද හිංසා පමුණුවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පොලිස් බාරයට ගත් ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබූ බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හොරණ පොලිසිය වෙත බාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

හොරණ කීරගල කුඩුකාරයන්ගේ වධකාගාරයක්

දිමුත් Monday, 30 December 2019 08:16 AM

මේ රටේ සමාජය කොච්චර පිරිහිලාද කියලා මේ පුවතෙන් අවබෝධ කරගන්න පුලුවනි...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site