(ශාන්ත චන්ද්‍රසිරි)
ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඡායාරූප ගත කිරීමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 25000 බැගින් රුපියල් 75000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.
මෙසේ වරදකරුවන් වූයේ චීන ජාතිකයන් තිදෙනෙකි.
මෙම විදේශිකයන් තිදෙනා හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුව කිසිවෙකුට නොදැනෙන පරිදි අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කරමින් සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඩ්‍රෝන කැමරාවේ අනන්‍යතාවය තහවුරු කරන තෙක් ඩ්‍රෝන කැමරාව 28 වැනි දින දක්වා රඳවා තබා ගැනීමට මෙහෙදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය වනෝද්‍යාන භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහකාර උපුල් ශාන්ත, රවීන් ලක්මාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබිණි.
COMMENTS
මෙය උසාවි නොගොස් විසඳාගත්තා නම් තමයි වඩා හොඳ... මේ විදේශිකයන් මෙවැනි වීඩියෝ අන්තර්ජාලය හරහා විකාශනය කරනවා. එයින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. යූ ටියුබ් තුළ විදේශිකයන් අපේ රට ගැන නිර්මාණය කළ ඉතා අනගි වීඩියෝ විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම වීඩියෝ ලොව පුරා ලක්ෂ ගණනක් නරඹා තිබෙනවා. අපේ මිනිසුන්ට මේ ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍ය කැමරාවකින් වීඩියෝ කරත් මෙම ඉහළට යැවිය හැකි කැමරාවකින් වීඩියෝ කරත් අපේ වනයට හානියක් වෙන්නේ නැහැ නේද? ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග අපේ යල්පැනගිය නීති වෙනස් විය යුතුයි.
මාර වැඩක්නේ... යකෝ ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
මේ දඩ මුදල මදි. අනික ඩ්‍රෝන කැමරාවලින් වීඩියෝ කිරීමට අවසර ගතයුතු බවට දන්වා පුවරු සවිකළ යුතුයි.
නීතියට අනුව කටයුතු කිරීම හොදයි . ඒත් ඒ සමගම සදහන් කළයුතු දෙයක් ඇත. හොර්ටන්තැන්නේ ඇති වැසිකිලි පද්ධතිය ඉතාම අපිරිසිදු හා කිසිදු පහසුකමක් නැති අතර වැසිකිලි පරිහරණය සදහා වෙනම මුදලක් අයකරයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති හොර්ටන්තැන්නට පහසුකම් ඇති වැසිකිලියක් සැදීමට නොහැකි ප්‍රාදේශීය සභාව /පාලක ආයතනය හොර්ටන්තැන්නට ඇතුළුවීමට මුදල් අයකොට රිසිට් පතක්ද නිකුත් කරයි. පහසුකම් නැති සංචාරක ව්‍යාපාරය නිසා රටේ නමටද කැල්ලකි. මේය සංචාරක අමාත්‍යාංශයේ අවධානයට ලක්විය යුතුම කාරණයකි.
අපිත් ගිහින් ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ පින්තුර ගත්ත ලංකාවේ ගොඩක් තැන්වල කිසිම අවසරයක් නැතිව. අවසර ගන්න කිසිම පිළිවෙලක් නැහැ හරියාකාර දැනුම් දීමක් විස්තර ලබා ගන්න බහ එක එක තැන්වල එක එක දේ තම කියන්නේ .කොටින්ම කියනවනම් යවන ලද ඊමේල් වලට පිළිතුරු නැහැ සංචාරක ආයතනයෙන් සහ ශ්‍රී ලංකා තානාපති කර්යලෙන් විසදුමක් නැහැ.ඉතින් මේ ගොල්ලෝ සුදානම් වෙලා එනකොට් දුම්රිය ගිහින්. ඔන්න ඔය නිසා තම මිනිසුන් අවසර නැතිව මේවා පාවිචි කරන්නේ
ගෝත්‍රික යුගයේ ජීවත් වෙමින් සංචාරක කර්මාන්ත ගැන සිහින දකින එකම රට ශ්‍රී ලංකාවයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන හා වනසතුනට කරදරයක් නොවේනම් වෙවැනි යල්පැනගිය නීති වෙනස් කලයුතුය . සංචාරකයන් මොලෙස උසාවි වල රස්තියාදු කිරීම කිසිලෙසකින් අනුමත නොකරමි ! ඔහුන් නොදැනුවත්ව වරදක් කර තිබේ නම් හොඳම දේ ඔහුනට අවවාද කර නිදහස් කිරීමි ය .
ගුවන්යානා වලට අනතුරක් ඇති හෝ ආරක්ශිත කාලප හැරුනු කොට අනෙත් තැන්වල පුද්ගලිකත්වයට හානි නොවනසේ ඩ්‍රෝන හැසිරවීම තහනම් කිරීමට තරම් හනමිටි අදහස් ඇතිවීම ගැන ඉතාම කනගාටුයි. සාමාන්‍ය කැමරාවකින් හෝ දුරකතනයක කැමරාවකින් ඡායාරූප ගත හැකි තැන් ඩ්‍රෝනයකින් ඡායාරූප ගතකිරීමට මුදල් අයකර ගෙන බලපත්‍ර නිකුත් කිරීම මට වැටහෙන පරිදි නම් පාරේ ධාවනය වන බස් වලින් කප්පම් ගැනීමට සමානය.
මේ හේතුවෙන් ලොකු පරිසර විනාශයක් සිදුවිය හැක දැඩි දඩුවම් දීමට වහා පියවර ගත යුතුයි......
මට තේරෙන්නේ නැත්තේ ද්‍රෝන යානයකින් සිදුවන පරිසර හානිය මොකක්ද කියල. අනේ දන්නා කෙනෙක් කියල දෙන්නකෝ?
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවිද්‍යා භූමි, ජලාශ, වැව්, රක්ෂිත වනාන්තර, වනෝද්‍යාන, යන ස්ථාන “media” යන ලේබලය වාහන වල ඉදිරිපස යොදා ගෙන සමහර උදවිය ඩ්‍රෝන කැමරා වලින් වීඩියෝ ගත කරත්. ඡායාරූප ගත කරත්. “media” යන වචනය මිස කුමන මාධ්‍ය ආයතනය ද යන්න සදහන් නැත. මෙය බරපතල වංචාවක් වීමට ඉඩ ඇත. Media යන්න භාවිතා කරන්නේ නම් මාධ්‍ය ආයතනයේ නම හෝ තම අනන්‍යතාවය හෝ දක්වාලිය යුතුය. නීතිය සැමට සාධාරණ විය යුතුය. ආරක්ෂක අංශ මේ ගැන දැනුවත් වීමත් විශේෂයෙන් මහජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු වීමත් කාලෝචිතය. නොහික්මුනු වංචනිකයන්ගේ ක්‍රියා මැඩලීම ඇවැසි ය.
ඔය චීන්නු අපේ රට විනාශ කරන්න ආපු ඔත්තු කාරයෝ. අපේ රටේ නීතිය අනුව උපරිම දඬුවම්දී, ඩ්‍රෝන කැමරා ටික රාජසන්තක කරන්න. ඒවා රටට අවශ්‍ය වැදගත් ගුවන් වීඩියෝ/පින්තුර ගැනීම සඳහා යොදාගෙන විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජයට හැක. චීනා අපේ රටට තෑගි දුන්නා කියන "නෙළුම් කුළුණ" වැඩ පටන් ගත්තාම තව තව හොඳ සෙල්ලම් ඉදිරියට බලාගැනීමට පුළුවන් වේවි! ඒ නිසාම තමා අපේ අසල්වැසි ඉන්දියාව මේ කුළුණ දිහා වපර ඇසකින් බලන්නේ! ඒ වගේම නුදුරු අනාගතයේදීම කහපාට චීන දරුවන් අපේ රටේ දරුවන් සමග පාසල් යන කාලයකුත් උදාවේවි.....
විනිසුරු උපරිම දඩය නියම කරලා... අවම දඩයත් දෙන්න පුළුවන්. යුරෝපයේ හුඟදෙනෙක් නිවාඩුවක් යන්න මුදල් හොයා ගන්නේ බැංකුවකින් ණය මුදලක් අරන්... යුරෝපයේ ආර්ථිකය දැන් අඩපණ තත්වයක තියෙන්නේ...
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ භූමි, ජලාශ, වැව්, රක්ෂිත වනාන්තර, වනෝද්‍යාන, යන ස්ථාන සමහර උදවිය ඩ්‍රෝන කැමරා ව්ලින් වීඩියෝ ගත කරයි. මෙය බරපතල වංචාවක් වීමට ඉඩ ඇත. නීතිය සැමට සාධාරණ විය යුතුය. ආරක්ෂක අංශ මේ ගැන දැනුවත් වීමත් විශේෂයෙන් මහජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු වීමත් කාලෝචිතයැ.
මොකද්ද මේ අය කළ වැරැද්ද?