
(ඩී.ජී.සුගතපාල)
මිරිස්සේ හෝටලයක් වටලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටාගේ ගෝලයෙකු බව කියන පාතාල සාමාජික හයිබ්‍රිඩ් සුරංග සමග තරුණියන් දෙදෙනකුද මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
හයිබ්‍රිඩ් සුරංග සමග මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ,නෙළුව මාවනාන සුදුවැල්ල පදිංචි තරුණියන් දෙදෙනකි.
ඔවුන් සන්තකයේ තිබු අත් විලංගු එකක්,අයිස් ග්‍රෑම් 20ක්, හෙරොයින් ග්‍රෑම් 05ක් මුදල් රුපියල් 58830ක් ද ඔවුන් පැමිණ ඇති S.P.K.W.2557 ඇක්වා වර්ගයේ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පැවසුවේ හයිබ්‍රිඩ් සුරංග නමැති සැකකරු විවිධ ප්‍රදේශවල සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ අතර පසුගිය සතියේද වැලිගම නගරයේ පුද්ගලයෙකුගෙන් තමන් විශේෂ කාර්ය බළකායේ බව පවසා අත් විලංගුද පෙන්වා කප්පම් ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.
බුද්ධි තොරතුරක් මත අක්මිමණ හියාරේ කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක හේවාපතිරණ මහතාගේ මෙයෙවිම යටතේ පොලිස් පරික්ෂක ප්‍රියදර්ශ, උප පොලිස් පරික්ෂකවරුන් වන තිලකරත්න,නාමල් යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම වැටලීම් සිදු කර ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ වැලිගම පොලිසියට බාරදී තිබේ.
2025 දෙසැම්බර් මස 04
509
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරක්කටාගේ ගෝලයා - හයිබ්‍රිඩ් සුරංග අත්අඩංගුවට