හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-අවු-ප්‍රින්ස් ආසන්නයේ පිහිටි ළමා නිවාසයක ඇති වූ ගින්නකින් දරුවන් 15 දෙනකු මියගොස් තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවාසයේ ළමුන් 60දෙනකු පමණ සිටි බව බලධාරීහු පවසති.
මෙම ළමා නිවාසයේ විදුලි ජනකය කැඩී ඇති බැවින් ඒ වෙනුවට ඉටිපන්දම් දල්වා ඇති බවත් එයින් ඇති වූ ගිනි ගැනීමකින් මෙම අනතුර සිදුවන්නට ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඇමරිකානු ක්‍රිස්තියානි කණ්ඩායමක් පවත්වාගෙන යන ළමා නිවාසය නිල අවසරයකින් තොරව ක්‍රියාත්මක වන්නක් බව ද සඳහන් වේ.
මෙවැනි අනවසර ළමා නිවාස සියගණනක් හයිටියේ ක්‍රියාත්මක වෙයි.
ප්‍රාදේශීය විනිසුරු රේමන්ඩ් ජින් ඇන්ටොයින් පවසා සිටියේ මෙම ළමා නිවාසය මූලික ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බවයි.
එහි ජීවන මට්ටම ඉතා පහත් මට්ටමක පවතින බවත් ඇය පවසයි.
" අප දකින්නේ සතුන් මෙන් ජීවත් වන දරුවන් පමණයි" යනුවෙන් ඇය පවසයි.
2010 වසරේ සිදුවූ භූමි කම්පාවෙන් පසු හයිටියේ අනාථ නිවාස බහුලව ආරම්භ වූ අතර මේවා පවත්වාගෙන යන්නන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ආගම ප්‍රචාරය කිරීමයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.