
(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පී සී ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද(20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.
එලෙස නිරෝධායනය වෙමින් සිටි නෙටොල්පිටිය, රන්න සහ පට්ටියපොළ ප්‍රදේශවල පුද්ගලයන් 30 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අද(20) සිදුකෙරිණි.
තංගල්ල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.