(ඉන්දිකා රාමනායක)
හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් හෙට (05) දින සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව හමුදාව පවසයි.
72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර ඇති බවද හමුදාව සඳහන් කරයි.
2019 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව ත්‍රිවිධ හමුදා සේවය හැරගොස් සිටින සාමාජිකයින්ට පමණක් මෙම පොදු සමාව හිමිවන බව හමුදාව පවසයිෙ
නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට අපේක්ෂා කරන යුද හමුදා සාමාජිකයින්ට මෙම කාල සීමාව තුළ එම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ හැකියාවක් පවතින අතර ආධුනික පුහුණුවීම්වල යෙදී සිටියදී සේවය අතහැර ගොස් ඇති සාමාජිකයන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ආධුනික පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට අවස්ථාව හිමිවේ.
වැඩබලන ආරක්ෂයක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සඳහා ලබාදුන් උපදෙස් යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය මීට අදාළ සියලුම අංශයන් වෙත දැනුම් දී ඇති බවද හමුදාව පවසයි.
පොදු සමා කාලය තුළ පැමිණෙන ත්‍රීවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය හෝ එහි පිටපතක්, එම ලේඛන තම සන්තකයේ නොමැති නම් සිය බැංකු පොතේ ඡායා පිටපතක් හෝ අදාළ ග්‍රාම නිලධාරියා විසින් නිර්දේශ කරන ලද ලිපියක් , නොඑසේනම් අදාළ ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවට කිසියම් වූ පොලිස් ස්ථානයක සිදු කරන ලද පැමිණිල්ලක පිටපතක් රැගෙන එන ලෙසට හමුදාව දැනුම් දෙයි.
ඉහත සියළු අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති අයට තාවකාලික අස් කිරීමේ ලිපියක් නිකුත් කිරීමෙන් පසු දිනක් ඇතුළත ඔවුන්ගේ අස්වීම ලබා ගත හැකි බවත් එම ක්‍රියා පටිපාටි අවසන් වන තුරු කඳවුරුවල රැඳී සිටීමට අපේක්ෂාව කරන සාමාජිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය දින දෙකකට සෑහෙන පරිදි රැගෙන එන ලෙස ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දේ අප්‍රේල් වල තිබුණු පොදු සමා කාලයේදී මම මගේ අස්වීමේ කටයුතු වලට විදේශ ගතව සිට පැමිණ ඉදිරිපත් උනා. තවම මගේ රෙජිමේන්තුවෙන් නිෂ්කාශන (ක්ලියරන්ස් ලැබිලා නැහැ. අනිත් සියලු නිෂ්කාශන ලැබී ඇති බව දැන ගන්න ලැබුනා. මම සේවය හැරගොස් සිටින යුධ හමුධා නිළධාරියෙක් වෙමි.
නැවතත් පොදු සමා කාලයක් ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමනි.
මම එස් එෆ්, සේවය කර ඇති අතර... නමුත් මා දැන් සෙවයෙට වාර්තා කර නැත...මම කැමතියි යලිත් සේවය කිරීමට. උදව් කරන්න.
අායේ පොදු සමා කාලයක් එන්නේ නැතිවෙයිද?
2021 පොදු සමාවක් දෙන්නැති වෙයිද?
ප්‍රශ්නයක් ඇහුවහම උත්තරයක් ලැබෙන්නැ නෙ
2021 පොදු සමාවක් ඕනේ .මේක බැගෑපත් ඉල්ලීමක්
2022 පොදු සමා කාලයක් තියනවද ?
2022 පොදු සමා කාලයක් තියනවද
නැවත පොදු සමා කාලයක් දෙන්නෙ නැද්ද
2021 පොදු සමා කාලයක් නැද්ද
පොදු සමාව දෙනකම් කොච්චර බලන් හිටියත් ඇයි එකට ඒකට නිසි පිළිතුරක් නැත්තේ.අවුරුදු 2 කට කිට්ටු වෙලත් තාම පොදු සමාවක් දෙන්න බැරි ඇයි .මිනිස්සුන්ට මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද
2021 දෙසැම්බර් මසෙ පොදු සමා කාලයක් තියෙනවද
2021 .12 මාසයේ පොදු සමා කාලයක් නැද්ද
2022 පොදු සමාවක් තියෙනවද?
2022 පොදු සමාකාලයක්නේ නේද?
1. සේවය හැර ගිය දරුවන් ගේ දැවෙන ප්‍රශ්ණයක් තමා පවතින් ආර්ථිකය තුල වෙනත් රැකියාවකට යෑමේ අපහසුව. 2. පාලන කටයුතුවල දී කලමණාකාරිත්වයට වන අපහසුතා. 3. දින 180 කට වැඩි කාලයක් නිනොනොව සිටින සාමාජිකයින් ලිපියක් මගින් නීතියානුකූලවම යුධහමුදාවෙන් අස්කල අයෙකු බව දන්වා පුද්ගලික ලිපියකින් දැන්වීම.
මම ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් වූ අයෙකි. නැවත සේවයට බඳවා ගැනීමට කැමැත්තෙමි. අවස්ථාවක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මම කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර නීත්‍යානුකූලව අස්වූ අයෙකි. නැවත සේවයට බැඳීමය කැමැතියි. උදව් කරන්න.
2022 පොදු සමාකාලයක් තියෙන්නෙ කවාද?
අනේ ජනාධිපති තුමනි....පොදු සමාවක් දීලා අපව මේකෙන් නිදහස් කරන්න....අවුරුදු 2ක් වෙලත් තාම පොදු සමාවක් නෑ..වෙන අවුරුදු වල අවුරුද්දකට දෙවතාවක් පොදු සමාවක් දීලා සේවයේ රැදීසිටීමට අකමැති අයව ඉවත් කරනවා..මෙ තියෙන තත්වයත් එක්ක අපට ලන්කාවෙ ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ...පිටරකට ගිහින් ජීවත් වෙන්නවත් අපිව මේකෙන් නිදහස් කරලා දෙන්න කියලා බලදාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා..
නැවත පොදුසමා කාලයක් ලැබෙන්නේ කවදාද.කරුණාකර පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි..
2022 පොදු සමාජ කාලයක් නැද්ද
මා හාට සිටින්නේ අම්මා පමණයි .....එවැන හෙතුවන් නිසා මා සේවයේන් හැර යන ලදි.... මා අද වන විට මගේ ප්‍රෂ්නයක් ගොඩක් දුරට නිරාකරණය කර ඇති අතර ...මා හාට සේවයේන් ඉවත් ව්මට අවෂ්ස බැවින් මා හාට එයට සහාය දෙන ලෙස ඉල්ලා සිටිම්
මගේ වයිෆ්ගේ ප්‍රශ්නයක් නිසා මට රාජකාරියට පැමිනීමට නොහැකි විය .. දැනට අවුරුද්දක් පමණ ඇප්සන් වී නමුත් ලිපියක්වත් තාම ආවෙ නැ .ඉතා ඉක්මනින් පොදු සමා කාලයක් ආවානම්
2022ට පොදුසමා කාලයක් දෙන්නේ නැද්ද?
2022 පොදුසමා කාලයක් දෙන්නේ නැතිද?
පොදු සමාවෙන් අයින් වීම සඳහා
2022 පොදු සමාකාලයක් නැද්ද.... මේ රටේ තවත් ජිවත් වෙන්න අමාරුයි. වෙන රටකටවත් යන්න පොදුසමාකාලයක් දෙන්න.
2022.11.15 පොදු සමාවක් තියෙනවා.
මට සේවය මිලදිගෙන ඉවත් විමට අවස්ථාව සලසා දෙන්න
පොදු සමාකාලය කවදා වෙනකන් තියෙනවද? තවමත් තියෙනවද?
2023 පොදු සමා කාලයක් නැද්ද ???
2023 වසරට පොදු සමා කාලයක් දන්නෙ නැතිද?
පොදු සමාවක් නැද්ද 2023 ට