(ඉන්දිකා රාමනායක)
නිල ඇඳුමෙන් සැරසුණු යුද හමුදා නිලධාරියකු ඇතුලු පිරිසක් සහ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලය පිරිසක් අතර ඇති කරගත් ගැටුමක් සම්බන්ධ වීඩියෝවක් සාමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වන අතර මේ සම්බන්ධයෙන් යුද හමුදාව පුර්ණ හා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති යුද හමුදාව පවසයි.
අදාල පරීක්ෂණය අවසන් වීමෙන් පසු මෙම සිදුවීමට වගකිව යුතු පුද්ගලයන් සඳහා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.
විනය ගරුක හමුදාවක් වන යුද හමුදාවේ නිලධාරීන් හෝ සෙසු නිලයින් සිදුකරන විනය විරෝධී ක්‍රියා අනුමත නොකරන බවත් එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම කීය.
ඉහත සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන මුලික පරීක්ෂණය අනුව දෙපාර්ශවය අතර යම් යම් ක්‍රියා සිදුව ඇති බවට හෙළි ව ඇති බවත් එහි පුර්ණ සිදුවීම ඇතුළත් පරීක්ෂණ කටයුතු සිදුකර කඩිනමින් අදාල පුද්ගලයන් එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
හමුදා පුහුණුව දුන් පමණින් කෙනෙකු විනයගරුක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මොකටද හමුදා පොලිසියක් තියෙන්නේ?
මිනිස්සුන්ගේ විනය හදන්න හමුදා පුහුණුව දෙන්න ඕනේ කිව්වා නේද?
විනයක්, හික්මීමක් නැත්තේ කොතනද එතන විනාශවීම මොන යකාටවත් වැළැක්විය නොහැකිය.