IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හමුදා බසයක් - වෑන් රියක ගැටී ඇඟලුම් සේවිකාවෝ 7ක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද(23) යුද හමුදා බස් රථයක් ඇඟලුම් සේවිකාවන් ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින් හත්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
 
තුවාල ලබා ඇත්තේ ඇඟලුම් සේවිකාවන් සත්දෙනෙකි.
 
අනුරාධපුර සිට පුත්තලම යුද හමුදා කඳවුරේ පුහුණුවක් සඳහා සෙබළුන් පිරිසක් රැගෙන එමින් තිබු හමුදා  බස් රථයක් තවත් හමුදා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදි පුත්තලම සිට  නොච්චියාගම දක්වා ඇඟලුම් සේවිකාවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක ගැටී ඇත.
 
අනතුරත් සමග බස් රථයේ ගැටුණු වෑන්රථය වට කිහිපයක් කැරකී පෙරළී ඇත.
 
තුවාල ලැබූ සේවිකාවන් දෙදෙනෙකුට බරපතල බව පොලිසිය කියයි.
 
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා බස් රථයේ රියදුරු කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවටගෙන ඇත.

 



අදහස් (1)

හමුදා බසයක් - වෑන් රියක ගැටී ඇඟලුම් සේවිකාවෝ 7ක් රෝහලේ

Rohana Monday, 23 September 2019 09:02 AM

අනේ මොකද මෙහෙම අනතුරු සිදුකරන්නේ. අසරණ සේවිකාවන් 7 ක් අමාරුවේ වැටුන නේද? ඔය පාරේ අඩියෙන් අඩියට පොලිසිය නම් ඉන්නවා වේග සීමා පාලනය කරන්න. එත් එක වහනයක් තවත් වාහනයකට ඉස්සර කරනවිට ඇතිවන අනතුරු වැලක්වීමට ක්‍රමයක් නැද්ද? මේ කරණය සත්‍ය නම් මේ බස් රියදුරාගේ වරදින් සිදුවූ දෙයක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site