(සුමිත් ප්‍රේමතිලක)
පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටී 14 හැවිරිදි පාසල් සිසුවකුට පිය පුතු යුවලක් යතුරුපැදියකින් පැමිණ අමානුෂික ලෙස පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව 17 හැවිරිදි පාසල් සිසුවකු අද (20) අත්අඩංගුවට ගත්බව දකුණු කළුතර පොලිසිය පවසයි .
නාගොඩ සෙන්ට්‍රල් හන්දියේ පදිංචි නිශාන්ත පුෂ්පකුමාර වික්‍රමාරච්චි යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට තිබේ.
පහරදීම සිදුවූ බව කියන ස්ථානයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී යතුරු පැදියෙන් පැමිණ පහර දෙන අයුරු පටිගත වී ඇති අතර , පහරදීමට පැමිණි බව කියන පියා හමුදාවේ රාජකාරි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි .
පෞද්ගලික උපකාරක පංතියක දී පෙරදින ඇතිවූ කතා බහක් පහරදීමට මූලික හේතුව බවට හඳුනාගෙන ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කීය . පහරදීම සිදුකළ සිසුවාගේ මව ද කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන බවද පැවසේ.
පහරකෑමට ලක්වූ 14 හැවිරිදි සිසුවා නාගොඩ මහරෝහලේ 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
හමුදා නිලධාරියා හරි අපූරු ආදර්ශයක් දීලා නේද? මෙහෙම දරුවන් හැදුවොත් සමාජයටම කරදරයක්... නිවැරදි වීම සඳහා ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි..
හමුදාව සම්බන්ධ නම් අවුලක් වෙන්නේ නැහැ.
පාස්කු ප්‍රහාරයේ එකටත් ඔය බුද්ධි අංශය සම්බන්ධයි නේද?
හැම පෞද්ගලික දේකටම රටේ පොදු ප්‍රශ්න සහ පොදු ආයතන ගාවගන්න තරම් ජනතාව පටු නොවිය යුතුයි. මෙය අතිශය පෞද්ගලික කාරණාවක්නේ...
පොලිසියේ සේවය කරන අර අම්මා නම් ඔය පරීක්ෂණයට බාධාවක් කරන එකක් නෑ..
හරි පියෙක් නම් දරුවන්ගේ වැරැදි හොයලා අවවාද කරන්න එපැයි.. මේ නම් නියම හරක් බානක්...
හමුදා හරක්ට රට පාලනය ගියොත් කොහොමට හිටීද කියල මේකෙන් පුලුවනි හිතාගන්න.
මෙයා තාත්තෙක් නෙවෙයි... මී හරකෙක්...
රණවිරුවෙක්නේ... අවුලක් නෑ...
අපේ ජනාධිපතිනම් හමුදාවේ විනය ගැන අභිමානයෙන් කතා කරනවා. එයත් පුස් වෙඩිල්ලක්...
හරි පියෙක් නම්... මම දන්න අයෙකුගේ ගෙය අසල සිටි හමුදා සෙබලෙකු ඔහුගේ ඉඩමට ඉහළින් තිබෙන ඉඩමෙන් වැසි ජලය එනවා කියා ඉහළින් තිබූ ඉඩමේ අයිතිකරුට තර්ජනය කර මිදුලේ ගල්වැට කැඩීමට තරම් බලවත් වුණා. නමුත් එයනම් පොලිසිය විසඳුවා...
නිල, බලතල උෂ්ණය ඔලුවට ගහපුවාම සමහර පවුල්වලට එහෙම වෙනවා. අරගොල්ලෝ රාමනායක සිසුවාම ගෙදරට ගෙනත් මුළු පවුලම එකතුවෙලා ගැහුවා. අවවාද සහ හොඳ ගුරුහරුකම් දෙන්න ඕනේ. දෙමව්පියන් මෙහෙම හැසිරුණාම කොහොමද ළමයින්ව යහමගට යවන්නේ?
ඔන්න ඕක නිසයි අපි අපේ ළමයින්ව පොඩිකාලේ ඉඳලම කරාටේ පන්ති යවන්නේ. කාගෙන්වත් ගුටිකාලා ගෙදර එන්න එපා. පොඩිකාලේ ගෙදරින් මට ලැබුන නියෝගය.... ඔලුව කෙලින් තියාගෙන ජීවත්වීමට ලොකු රුකුලක් වුණා...