(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් හා ත්‍රී රෝද රථයක් අද (08) ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පලෙයි පොලිසිය කියයි.
පලෙයි ඉයක්කචිචි මන්සන්ධියේදී මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රී රෝද රථය අධික වේගයකින් ගමන් කර වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් යුද හමුදා ට්‍රක් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පලෙයි පොලිසිය පවසයි.
අනතුර හේතුවෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර යුද හමුදා ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් පසුව ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබෙන අතර පලෙයි පොලිසියේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයකුත් නැතුව රණවිරුවෝ මෙතරම් වේගයෙන් වාහන පදවන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. හේතුවක් නැතුව මාර්ග නීති කඩන මේ අයට දැඩි දඬුවම් දෙන්න.
මෙහිදී සැලකිය යුතු දේ නම් ට්‍රක් රථය නිවැරදි මන්තිරුවේ ගමන් කරන අතර ත්‍රී රෝද රිය වැරදි පැත්තේ ගමන් කොට හප්පා ඇති බවයි